මම දැන් කණාමැදිරි එළියටත් බයයි -පියුමි බොතේජු

gossiplanka image 1
පියුමි බොතේජු කියන්නෙ පුංචි තිරයෙන් නිතර අපි හමුවට එන ආදරණීය චරිතයක්. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්නට හැකි ‘කොමඩි‘ වගේම ‘සීරියස්‘ චරිතත් මැනවින් රඟපාන්නට හැකි දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ එක්කම පියුමි කාටත් සමීප විවෘතව කතා බහ කරන ආදරණීය චරිතයක්. එකිනෙකට වෙනස් නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරේ ලබන පියුමි සමඟයි මේ කතාබහ.


කොහොමද පියුමි මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල අලුත්ම චිත්‍රපටයක පෙර පුහුණුවීම් සිදුවෙනවා. රන්ජන් රාමනායකගේ මී කතුර චිත්‍රපටය. මෙහි මෙතෙක් නොකරපු විදිහේ වෙනස්ම විදිහේ චරිතයක් කරන්න ලැබිලා තියෙන්නේ.


රන්ජන් එක්ක කලින් වැඩ කරලා තියෙනවාද?


ඔව්. කලින් මම රන්ජා ෆිල්ම් එකේ වැඩ කළා. නමුත් රන්ජන් රාමනායක අයියා අධ්‍යක්ෂණය කරන ෆිල්ම් එකක වැඩ කරන පළවෙනි සැරේ.


පුංචි තිරේ අලුත් නිර්මාණ මොනවද?


බුද්ධික සේමසිංහ මෙච්චර කාලයක් කළේ තිර රචනාවන් නේ. ඔන්න එයාගෙත් පළමු අධ්‍යක්ෂණය වන ටෙලි නිර්මාණයේත් මම වැඩ කරනවා. ඒ එක්කම තවම මම වැඩ කරගෙන යන අකුරට යන වෙලාවේ නාට්‍යයේ වැඩ කරගෙන යනවා.


සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?


චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ මිස් ඇන්ඩ් මිසිස් චිත්‍රපටය සහ ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ වයිෆ් ෆිල්ම් එක එන්න තියෙනවා.


මේ අවුරුද්දේ වැඩිම කාලයක් විදෙස්ගතව නේද ඉන්නේ?


අප්‍රේල් මාසේ නම් මමයි ප්‍රියන්ත අයියයි දෙන්නටම තුන් වතාවක් සවුදි යන්න වුණා. ඒ එක්කම ඩුබායි ගියා. එහෙම බැලුවම හතර වතාවක් මාස දෙකක් තුළ විදෙස්ගත වුණා. ඊට පස්සේ මම තනියම ගියා ඔස්ට්‍රේලියාවට. එහි සති දෙකක් ඉඳලා තමයි ආවේ.


ඔස්ට්‍රේලියාවට ගිය ගමන එක්ක ප්‍රශ්න ගොඩක් ඇති වුණා නේද?


මටවත් නැති ප්‍රශ්න ගොඩක් මතු වුණා.


ඔය ප්‍රශ්නවල ඇත්ත නැත්ත මොකක් ද?


මගේ දුව ගැන තමයි ඔය අහන්නේ. එයා ආන්ජනී ගුණසේකර. එයාව මට මුලින්ම හම්බුණේ 2018දී. එතකොට වයස අවුරුදු 8ක් වගේ. මම ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ගිය වෙලාවක අපිට ලැබුණු රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර තමයි මේ දුවව මට මුලින්ම නෙත ගැටුණේ. එදා ඇවිත් හිටිය ළමයි එකට එකතුවෙලා සෙල්ලම් කරනවා කෑ ගහනවා නටනවා. හැබැයි මම දැක්කා එක කළු පොඩි කෙල්ලෙක් මගේ දිහාම බලනවා. මමත් අත වැනුවා. අපිට මේ සමාජයේ ජීවත් වෙද්දී අප්‍රමාණ මිනිස්සු මුණ ගැහෙනවා. හැබැයි අපිට සමහර මිනිස්සු දැනෙන විධි වෙනස් වෙනවා. එකිනෙකා එක්ක ඇතිවෙන බැඳීම් වෙනස් වෙන්නේ ඒ කෙනා අපිට දැනෙන විදිය එක්ක. එදා මේ පොඩි කෙල්ල මගේ හිත හොරකම් කළා. බැලින්නම් මේ පොඩි දුවගේ අම්මව ඊට දවස් දෙකකට කලින් මා එක්ක කතා කරලා තියෙනවා. දවසක් මම එයාලගේ ෂොප් එකට ගියා. එදා මට කූල් බිම එකක් ගන්න කිවුවම මම එපා දැන් මට බොන්න බැහැ කිවුවම මේ පොඩි කෙල්ල මට කියනවා අපි දෙන්නා ෂෙයාර් කරමු කියලා. එයාගේ අම්මා අනු අක්කා අද මගේම සහෝදරියක් වෙලා. අක්කා කෙනෙක් නැති මට එයා මගේ ජීවිතේ හමුවුණු හොඳ සහෝදරියක්. එයාගේ දුව තමයි මේ ආන්ජනී ගුණසේකර.


එතකොට මේ දුවව ස‍ප්‍රයිස් කරන්න ඔස්ට්‍රේලියාවේ යන්න හිතුණේ ඇයි?


එදා ඉඳන් මම ලංකාවට ආවත් වට්සැප් එකෙනුත් අපි දෙන්නා කතා බහ කරනවා. ගිය අවුරුද්දේ එයා ආවා මාව සප්‍රයිස් කරන්න ලංකාවට. ඒ එද්දී මම දැක්කේ අම්මගේ උසටම උස ගිය ලොකු කෙල්ලෙක්. මට එක පාරට අඳුනගන්නත් බැරි වෙනවා. එදා මම හිතා ගත්තා මමත් දවසක දුවව සප්‍රයිස් කරන්න ඔස්ට්‍රේලියාවට යනවා කියලා. ගොඩ දෙනෙක් දැන් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ ඇත්තටම ඔයාගේ දුවද කියලා. මොකද ප්‍රසංගයකුත් නැතුව සෙලිබ්‍රිටි කෙනෙක් ගිහින් ළමයෙක්ව සප්‍රයිස් කරන්නේ නැහැ කියන එකත් එක්ක එහෙම අහන්නේ. නොදන්නා පිරිසත් මගෙන් අහන දේ තමයි ඇත්තටම මේ ඔයාගේ දුවද, ඔයාගේ දුව ඕස්ට්‍රේලියාවේ ද ජීවත් වෙන්නේ කියලා අහනවා. මම හිතන්නේ අපි අතර තියෙන්නේ පෙර සසරේ බැඳීමක් කියලා. ඕක තමයි මේ දවස්වල පැතිරෙන කතාවේ ඇත්ත කතාව.


පියුමි හැමදාම ඔහොම තනියම ජිවත් වෙන්නද කල්පනාව?


ඔයා මරු වෙලාවක මරුම ප්‍රශ්නයක් ඇහුවා. මේ දවස්වල අපේ අම්මත් ඕකම තමයි අහන්නේ. අපේ ගෙදර හිටියේ මමයි අම්මයි තාත්තයි. දැන් තාත්තා නැති වුණු නිසා ඉන්නේ අම්මයි මමයි.


ගෙදර වුණත් මොකක් හරි වැඩක් කරන්න ගියාමත් අයියලාට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අයියාගේ පුතාට කියන්න ඕනේ. ඒ නිසා අම්මත් නිතරම කියනවා මේ ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ කියන එක. ඉතින් මටත් ඇත්තටම පාළුයි. මනුස්සයෙක්ගේ ජීවිතේට ආදරේ කියන දේ විවිධාකාරව ලැබෙන්න ඕනේ. අපේ හැඟීමක් ෂෙයාර් කර ගන්න හරි කෙනෙක් ඕනේ කියන එක මටත් තේරෙනවා. බලමු ඉස්සරහට ඉතින්.


ඒ කියන්නේ ළඟදීම ජීවිතේ වෙනස් වෙන සුබවාදී පැත්තක් තියෙනවා කියන එකනේ?


අම්මා නම් මේ දවස්වල සුබවාදීව කෙනෙක් හොයනවා.


මේ සැරේ ආදරේ ඉස්සර නොකර යෝජිත පැත්තට ද ඉඩ දෙන්නේ?


මෙහෙමයි මට හැමදාම වුණේ මගේ හැඟීමට මුල් තැන දීලා මට අවසානයේ වුණේ මාව රැවටීමට ලක් වීමක්. මොකක් හෝ හේතුවක් නිසා පියුමි බොතේජු කියන කෙනා ළඟට ආව එකක් තිබ්බේ. එක්කෝ ජනප්‍රියත්වයට නැත්නම් මිල මුදල්වලට. එතැන මම හොයපු ආදරේ තිබුණේ නැහැ. මම දැන් කණාමැදිරි එළියටත් බයයි.


එදා මෙදා තුර ප්‍රේක්ෂක ආදරේ ලබන්න වාසනාවන්තයි, ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒක නම් මම විශ්වාස කරන්නේ පෙර සසරෙන් අරන් ආව ලොකු තෑග්ගක්. ඒ ආදරේ නොඅඩුව මට ලැබෙන එකට මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මම හරි ආසයි ඒ ආදරේ ලබන්න.



Previous Post Next Post