සුපිරි තරුව "ජස්ටින් බීබර් " ගැන සතුටු හිතෙන අලුත්ම ආරංචියක් !

gossiplanka image 1
ලෝකයේ සංගීතලෝලී ජනතාවගේ මහත් ආදරයට පාත්‍ර වූ ජස්ටින් බීබර් කියන්නේ සුපිරි තරුවකට... 


ඔන්න ඉතිං මේ කියන්න හදන්නේ ඔහු ගැන අලුත්ම ආරංචියක්...


ලෝකයේ ප්‍රසිද්ධ කැනේඩියානු ගායක මෙන්ම පොප් නිරූපකයෙක් වශයෙන් සැලකෙන ජස්ටින් බීබර් නව ඇල්බමයක් එළිදක්වා ඇති බව වාර්තා වෙනවා ...


ඒ අනුව එම ඇල්බමය ජස්ටින් බීබර් විසින් Swag නමින් නම් කර ඇති බව සඳහන්.


එසේම විදෙස් මාධ්‍ය වාර්තා අනුව එය නිකුත් කිරීමෙන් රසිකයන් පුදුමයට පත් කර ඇති බවත් වාර්තා වෙනවා ...


කෙසේ වෙතත් මෙම නව ඇල්බමය තුළ Dadz Love, Devotion සහ Therapy Session ඇතුළු ගීත 20ක් අඩංගු බව තමයි ආරංචි වෙන්නේ..


එසේම මෙම ඇල්බමය නිකුත් කිරීම පිළිගත් ප්‍රසිද්ධ පුද්ගලයින් අතර එක්සත් ජනපද රැප් ගායක බිග් ෂෝන් ද වන බව සඳහන් ...


ඊට අමතරව ඇල්බමයේ බොහෝ ගීත මාතෘකා බීබර්ගේ ක්‍රිස්තියානි ඇදහිල්ලට අනුකූලව භක්තිය, සමාව දීම ඇතුළු ආගමික තේමාවන් ස්පර්ශ කරන බව තමයි වාර්තා වෙන්නේ...


තවද පහුගිය පියවරුන්ගේ දිනයේදී ඡායාරූප ශිල්පියෙක් ජස්ටින් බීබර්ගේ රූගත කරන ලද එක් වීඩියෝවක් පුළුල් වශයෙන් සංසරණය වුණා


එසේම එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ යළි සංස්කරණය කර තිබෙනවා...


ඉතිං එය ගායකයාගේ නව ඇල්බමය ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස භාවිත කර තිබෙනවා.


ජස්ටින් බීබර්ට ආදරේ කරන අයට මේ ආරංචිය නම් පුදුම තරම් සතුටු පුවතක් වේවී නේද ?

gossiplanka image 2
Previous Post Next Post