පියත්ගෙ සින්දු හිට් වෙන්නේ සඳනි නිසාද?

gossiplanka image 2
සඳනි-පියත් කියන්නේ හරිම අපූරු යුවලක්. සිත්කලු සුසංයෝගයක්. මේ දෙන්නා එකට එකතු වෙලා කරන හැම වැඩක්ම නියමෙට නැගලා යනවා. මරුවට හිට් වෙනවා. නැවතිල්ලේ ටිකක් හිතලා බලන්න ප්‍රියාවි, බඳිමු සුදා, සීදේවී. ආදරේ මා නමින් ඒ හැම මියුසික් වීඩියෝ එකක්ම හුඟක් ජනප්‍රිය වුණා. කා අතරත් කතාබහට ලක්වුණා. Sri Lanka Latest News


ඒ වගේම ඒ ලස්සන නිර්මාණ හැම එකක්ම වීව්ස් මිලියනයට ආවා. ඇත්තටම කියනවා නම් එය අහඹු වාසනාවක්. ඒ වාසනාව ගැන හැමෝම හැමදාමත් වාගේ සෝෂල් මීඩියාවල කතා කරන්න ගත්තා. තවමත් කතා කරනවා. ඒ කතාබහට අලුතෙන්ම එකතු වුණු තවත් වාසනාවන්ත කතාවක් වුණේ ‘සත්තයි මැණිකේ’ මියුසික් වීඩියෝව.


මේ වෙද්දී සත්තයි මැණිකෙත් හැමෝම අතර හිට් වෙලා ඉවරයි. යුද සමය පසුබිම් කරගෙන ඉතා හැඟීම්බරව නිර්මාණය කරපු ‘සත්තයි මැණිකේ’ සෝෂල් මීඩියාවල හෝ ගාලා වයිරල් වෙනවා. ඒ සංවේදී රූපරාමු පපුවේ හැම කොනකම තිගැස්ම ඇතිකරන වචන වගේම සියුම් සංගීතය නිසා ‘සත්තයි මැණිකේ’ ගැන නිකමට හෝ කියන්න තියෙන හැම අඩුපාඩුවක්ම මකාදාලා ඉවරයි. සත්තයි මැණිකේ වැඩිපුර ජනප්‍රිය වුණේ සඳනි මේ දවස්වල ජනප්‍රිය ටෙලි දෙකක නියම චරිත දෙකක් කරන නිසයි කියලා සමහරු කියනවා. එකක් විසේකාරි ටෙලියෙ ඉෂිගේ චරිතය. අනෙක ජුරාලියා ටෙලියෙ සැර පාතාල චරිතය. ආලින්දයේ සිනමාවේ කවුරුත් වාගේ සඳනිට ආදරය කරන නිසා සත්තයි මැණිකේ මියුසික් වීඩියෝව වැඩිපුර හිට් වෙනවා කියලා බොහෝ දෙනා කමෙන්ට් කරලා තිබුණා.


ඒ කාරණය ඇත්තක්ද? ඒක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් සඳනිගෙයි පියත්ගෙයි මියුසික් වීඩියෝස් වැඩිපුරම හිට් වෙන්නේ සඳනි නිසා කියලා නම් කවුරුත් වාගේ කියනවා.


පියත්ට ජෙලස් හිතෙයි ඔය කතාවට…

නැහැ. පියත් වුණත් ඒ ටික කියනවා කොතැනකදී වුණත්. මොකද එයා ‘අභිමාන්’ හින්දු මූවි එකේ ‘සුබීර්’ වාගේ නෙවෙයි. ඒ හින්දම පියත් සඳනි එයාට වඩා කා අතරත් ෆේමස් බව පිළිඅරගෙන අහවරයි. ඒත් සඳනි නම් කියන්නේ දෙන්නගෙම නිර්මාණශීලී බව නිසා මියුසික් වීඩියෝ හැම එකක්ම හැමෝම ආදරයෙන් බාර ගත්තා කියලයි. සඳනිගෙයි පියත්ගෙයි නිර්මාණ වගේම ඒ දෙන්නගේ ආදරෙත් ලස්සනයි. කවුරුත් කියනවා ‘අනේ ඒ දෙන්නට ඇස්වහක් නම් වදින්න එපා….’ කියලා.


මල්මි කෞෂල්‍යා

gossiplanka image 1
Previous Post Next Post