
ඇය මේ දවස්වල අතිශ්‍යය ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
පාටකුරුල්ලෝ ටෙලි නාට්‍ය හරහා අපි කාගේත් ආදරය දිනාගත් නිත්‍යා දේවින්දි, අද දවසේ අපේ කතාබහට එක්වුණේ ඇයයි..
ඔබ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. රංගනය පැත්තෙන් ඔබේ අලුත් තොරතුරු ගැන කියලම අපි මේ කතාබහට මුලපුරම..
මේ දවස්වල පාට කුරුල්ලෝ නාට්‍ය අති සාර්ථක විදිහට ප්‍රේක්ෂකයෝ අතරට ගිහින් තියනවා. ඒ ඇරුනම තවත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා.. ඉතින් ඒ රංගන කටයුතු එක්ක තමයි මේ දවස්වල වැඩිපුර කාලය ගතවෙන්නේ..
විකාශය වන නිර්මාණ ඇරුණු කොට ඉදිරියේදී ඔබට තවත් කලා නිර්මාණවලට ඇරයුම් ලැබිලා තියෙනවද..?
දැනට නම් මෙහෙම ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මුකුත්ම නැහැ..
පාට කුරුල්ලෝ කියන්නේ ඔබේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක්.. කොහොමද දැනෙන්නේ ඒ නාට්‍යයට සම්බන්ධ වීම ගැන..
පාට කුරුල්ලෝවල රංගනයෙන් දායක වෙන්න කලින් ඔය වගේම අතිශය ජනප්‍රිය වෙච්ච තවත් ටෙලි නාට්‍යයකට මම රංගනයෙන් දායක වුණා.. ඊට පස්සේ පාට කුරුල්ලෝ නාට්‍ය මට ලැබෙන කොට මම හිතුවේ නෑ කවදහරි මේ ටෙලි නාට්‍යයත් එච්චර ජනප්‍රියත්වයක් ලබයි කියලා.. ඉතින් මේ නාට්‍යයේ කොටස්කරුවෙකු වෙන්න ලැබීම ගැන ඇත්තටම බොහොම සතුටුයි සහ නිෂ්පාදකතුමාට සහ නාලිකාවට මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන් මාව තෝරා ගැනීම සම්බන්ධව.. මොකද ඒ චරිතයේ හොඳ හෝ නරක විදිහට මිනිස්සු අතරට මේ වෙද්දි ගිහිල්ලා තියෙනවා.. ඒ නිසා එයාලා දන්නවා ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.. මේ වෙද්දි මට ලැබුණු චරිතය ප්‍රධාන චරිත අතර නිතර ගැවසෙන චරිතයක් බවට පත්වෙලා තියෙනවා..
ඒක ගැන බොහොම සතුටුයි මම හිතනවා මං ඒ වෙනුවෙන් හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කරලා තියෙනවා කියලා, සහ මම මගේ උපරිමය සීයට සීයක්ම ඒ චරිතය වෙනුවෙන් ලබාදෙනවා..
පාට කුරුල්ලෝ නාට්‍යයේ රූගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීම් අනිවාර්යයෙන්ම ඇති අපි ඒ ගැන මතක් කරමු..
පාට කුරුල්ලෝ රූගත කිරීම් කියන්නෙම අමතක නොවෙන සිදුවීමක් තමයි ඒ ගැන මට හරියටම කියන්න තේරෙන්නේ නෑ.. අපි හැමෝම හරි සහෝදරයෝ වගේ.. පාට කුරුල්ලො ටෙලිනාට්‍ය විශේෂ වෙන එක හේතුවක් තමයි ඒක.. අපි කාගෙවත් උස් පහත් කම් නැහැ.. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ල ලොකු කාලයක් නැහැ ,මට කලින් මේ ක්ෂේත්‍රයට ආව අයයි මට පස්සේ මේ ක්ෂේත්‍රයට ආව අයයි කියලා කිසිම වෙනසක් නෑ අපි හැමෝම හරි ආදරෙන් උදව් කරගන්නවා.. එක්කෙනෙක්ට එක්කෙනෙක් තමන්ගේ චරිතය ගොඩනගා ගන්න ගොඩක් උදව් කරනවා.. මං හිතන්නේ ඒක තමයි පාට කුරුල්ලෝ මේතරම් ජනප්‍රිය වෙන්න හේතුව කොයිම වෙලාවකවත් එක කැරැක්ටර් එකක් වැටෙනකම් බලාගෙන ඉන්නෙ නැහැ.. කවුරු හරි කෙනෙක් වැටෙන්නේ කොතනද එයාව අප් කරලා ගන්න තමයි අපි බලාගෙන ඉන්නේ.. ඉතින් ඒ වගේ අපි අතර තියෙනවා මාරම අන්‍යෝන්‍ය බැඳීමක්.. මොරීන් චාරුණි මහත්මිය ගත්තත් පාලිත සිල්වා මහත්මයා ගත්තත් එයාලා හැම කෙනෙක්ම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් නේ.. ඒ වුණාට අපි හැමෝම එකයි අපි හැමෝම එක වගේ සහයෝගයෙන් මේ වැඩේ කරනවා.. අපි මේ නාට්‍යයෙන් පිටදි ගත්තත්, අපි හැමෝම එක පවුලක් වගේ ජීවත් වෙන්නේ.. මේ නාට්‍ය අමතක නොවෙන්න ඒකත් එක හේතුවක්.. මේ නාට්‍යයේදී අපි හිනාවෙන් නැති තත්පරයක් නෑ.. හැම මොහොතකදීම අපි ඉන්නේ ගොඩක් සතුටෙන්..
රංගනයෙන් චුට්ටක් එහාට ගියොත් ඔබ හොඳ බිරිඳක්, මවක් අපි ඔබේ ආදරණීය පවුල ගැනත් කතා කරමු..
මම රංගන ශිල්පිනියක්, බිරිඳක්, මවක්, ව්‍යවසායිකාවක්.. ඔය ඔක්කොම ටික මගේ ලයිෆ් එකේ තියෙනවා.. හැබැයි මේ එක තැනකවත් නැවතිලා ඉන්න කෙනෙක් නෙවෙයි.. මම මේ හැමදේටම කැමති හින්දනේ ඒ හැම දෙයක්ම කරන්නේ.. කොයි වෙලේකවත් මම බිරිඳක් මවක් වුණා කියලා රංගන ශිල්පිනියක් කියන රෝල් එකෙන් අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ.. මට එහෙම බලපෑමක් ඇවිල්ලත් නැහැ.. සමහර වෙලාවට එහෙමත් දේවල් වෙන්න පුළුවන්නේ.. විවාහ වුණහම සැමියා රංගනයෙන් ඈත් වෙන්න කියනවා.. ඒ වගේ තමන්ගෙ ගමන නවත්තගත්ත ඕන තරම් රංගන ශිල්පිනියන් අපි මේ ක්ෂේත්‍රයේ දැකලත් තියෙනවා.. මට එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.. මට මගේ වැඩ කටයුතු කරගෙන යන්න නිදහස තියෙනවා.. කොහොමත් මම රංගන ශිල්පිනියක් කියන රෝල් එකට ගොඩක් කැමති නිසයි මං ඒ දේවල් කරන්නේ..
අම්මා කෙනෙක් වුණාම දරුවෙකුගේ අනාගතය ගැන ගොඩක් හීන දකිනවනේ, කොහොමද නිත්‍යට තමන්ගේ චූටි දෝණි ගැන ඒ තියෙන බලාපොරොත්තු..
ඒක තමයි මට තියෙන ඊළඟ ගෝල් එක.. දුවෙක් ඉන්න අම්මෙක්ටම තමයි ඒක තේරෙන්නේ.. එයාගේ ජීවිතේ ඊළඟට ගොඩ දාන එක තමයි අපේ ඊළඟ ගෝල්එක.. අපේ ජීවිතේ තව තව ගෝල්ස් තියෙන්න පුළුවන් හැබැයි බබෙක් ඉන්න අම්මා කෙනෙක් නම් එයාගේ ලොකුම ගෝල් එක වෙන්නේ දරුවා කොහොමද ගොඩදාන්නේ කියන එක.. මගේ චූටි දුවගෙන නම් ලොකු දේවල් මවල මේක කරන්න ඕන.. මේ වයස වෙද්දි මේ දේ කරන්න ඕන, ස්කයිලා මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියන එක මගේ ඔලුවේ නම් නැහැ.. මම හැම වෙලාවෙම කටයුතු කරන්නේ දුවත් එක්ක සතුටෙන් කාලය ගෙවන්න.. ඒ වගේම සමාජය තේරුම් අරගෙන එයාට හොඳ ගමනක් යන්න පුළුවන් නම් එච්චරයි.. ඒක තමයි වෙන්න ඕන.. ඉතින් එතනට එයාව හදන එක තමයි දැනට මගේ ටාගට් එක සහ එතනින් එහාට එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම කැපවෙන්නත් මං බලාගෙන ඉන්නවා.. කොහොම වුණත් තවම ඒ කාලය ඇවිල්ලා නැහැ..
දුව ගැන තියන බලාපොරොත්තු ඒ විදිහට කියනකොට, තවත් අපට මතක් වෙන ඔබේ පවුලේ සාමාජිකාවක් තමයි ඔබේ නැගණිය.. නිත්‍යාගේ සුරූපී නංගි කවදා හරි රංගන ශිල්පිනියක් වෙනවා බලන්න අක්කා කැමති නැද්ද..?
සෑහෙන්න තැන්වල මගෙන් ප්‍රශ්න අහනවා නංගි ගැන.. මං හිතෙනේ මට වඩා නංගි ලස්සන ගැහැනු ළමයෙක්.. එයා රංගන ශිල්පිනියක් වෙනවාට මගේ කිසිම අකමැත්තක් නැහැ.. මෙහෙමයි, මගේ නංගි ඉතින් මේ ක්ෂේත්‍රයේ ගොඩක් ඇවිදලා කරලා තියනවා.. ඉතින්, එයා දන්නවා මං කොහොමද මේ ජොබ් එකේ ඉන්නේ කියලා.. කොහොම වුණත් එයාගේ එහෙම අකමැත්තක් නැහැ.. ඒත් ලොකු කැමැත්තකුත් නැහැ එයාගේ.. එයා හිරු නාලිකාවේම අවුරුදු කුමරිය තරගයටත් සහභාගී වුණා.. එයා කැමතියි කිව්වා ඒකට සහභාගී වෙන්න.. මමත් කිව්වා කැමතියි නම් ට්‍රයි එකක් දෙන්න කියලා.. එයා ඒකට සහභාගී වෙලා බොහොම හොඳ අත්දැකීමක් ලබාගත්තා.. කණ්ඩායමක් එක්ක කටයුතු කරන හැටි වගේම තරගයක ජය පරාජය කොහොමද දරාගන්නේ කියන එක එයා ඒකෙන් ඉගෙන ගත්තා.. රංගනය ගැන ආයෙත් කතා කළොත්, අවස්ථාවක් ලැබුණොත් ඇය රඟපාවි.. ඒත් ලොකූ ආසාවක් නැහැ.. කොහොම වුණත් ඒකට මගේ නම් අකමැත්තක් නැහැ.. එයත් දන්නවා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා.. දැනට නම් එයාගේ කිසිම නිර්මාණයක් නැහැ.. මොකද ඇයට මේ වෙද්දී ආරාධනා ලැබිලත් නැහැ.. චාන්ස් එකක් හම්බ වුණොත් එයා ඒ වගකීම අරගෙන ඒකට සාධාරණයක් ඉෂ්ට කරාවි..
රංගනයෙන් පරිභාහිරව කතා කළොත් නිත්‍යා දේවින්දි කියන චරිතය අපට තව හමුවෙන්නේ මොන මොන ක්ෂේත්‍රවලින්ද..?
මම මුලදී ව්‍යවසායිකාවක් කියලා කිව්වේ මගේ රූපලාවන්‍යාගාරය ගැන.. මම රූපලාවන්‍ය ශිල්පිනියක්.. මට කවදාවත් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න ඕන කියලා අදහසක් තිබිලා නැහැ.. ඒ අදහසත් දුන්නේ මට මගේ සැමියා.. ගොඩක් වෙලාවට මගේ ජීවිතේ විවිධ විවිධ තැන්වල , විවිධ විවිධ කඩයිම්වල එයා ඉන්නවා.. මේ රැකියාව කරන්න පටන්ගත්තාම තමයි මට දැනෙන්නේ ඒක හරිම ලස්සන රැකියාවක්.. කෙනෙක්ව ලස්සන කරලා එයා ඒකේන් ලබන සතුට වෙන කිසිම දේකින් ලබාගන්න බැහැ.. රංගන ශිල්පිනියක් වෙලා පාරෙ යනකොට මිනිස්සු අපිට කතා කරන සතුට වෙන කොහෙන්වත් අපිට ගන්න බැහැ නේ.. ඒ වගේ තමයි.. මං මගේ රැකියා දෙක ගැනම ඒ නිසා ගොඩක් සතුටෙන් ඉන්නේ..
නිත්‍යා අවසාන වශයෙන් අපි ඔබෙන් අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්.. රංගන ජීවිතයේ ඔබේ අරමුණු මොනවගේ තැනකද තියෙන්නේ.. දවසක මෙන්න මේ දේවල් මට ලැබෙන්න ඕන කියලා හීනයක් නිත්‍යාටත් තියනවාද..?
ඒක හරිම පුළුල් ප්‍රශ්නයක්.. මම රඟපාපු චරිතවල අතිශ්‍යය ජනප්‍රිය නිර්මාණ මිනිස්සු අතරට ගියේ එයාලා ටිකක් වෛර කරන චරිතයක් විදිහට.. ඒකට හේතුව ඒ චරිතවල ස්වභාවය තමයි ඒක.. ඒ චරිතයේ ස්වභාවය රඟපාල පෙන්වන එක තමයි රංගන ශිල්පිනියක් විදිහට මම කරන්නෙ.. නැතුව ඒ මම නෙවෙයි.. ඉතින් ගොඩක් මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා ඇත්තටම ඒ වගේ නපුරුද කියන එක.. ඒත් මිනිස්සු මාත් එක්ක ටිකක් කතා කළාම එයාලාට තේරෙනවා මං මොන වගේ කෙනෙක්ද කියන එක.. ආයෙත් අපි මේ ප්‍රශ්නය පැත්තට ආවොත්, සම්මානයක් ලබාගන්නවා කියන එකනේ රංගන ශිල්පිනියකගේ අවසාන ඉලක්කය වෙන්නේ.. ඉතින් ජනප්‍රිය ඛාණ්ඩයේ සම්මානයක් ගත්තත් කවදාවත් ජනයා ප්‍රිය කරන්නේ නැහැ නේ ඒ වගේ චරිතවලට.. ඒ නිසා කවදාවත් ඒ වගේ දේකට මං වගේ කෙනෙක් නොමිනේට් වෙන්නේ නැහැ.. ඒත් මට රසිකයින්ගෙන් වගේම ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින්ගෙන් ඒකට හොඳ කමෙන්ට්ස් ලැබෙනවා.. ඒත් මට අර වගේ ලිස්ට් එකකට යන්න බෑ.. ඒක ඉතින් එක් පැත්තකින් ඛේදවාචකයක්.. ඒ වගේමයි, එහෙම චරිතවලට සම්මාන ලැබෙන සම්මාන උළෙලවල් ලංකාවේ මේ වෙද්දී නැහැ.. එකම චරිතයකට කොටු වෙන්න මමත් කැමති නැහැ.. ඒ නිසා සමහර වෙලාවට ගෞරවන්විතව ඇතැම් නිර්මාණ මට ප්‍රතික්ෂේප කරන්න වුණු අවස්ථාත් තියනවා.. කවදා හරි දවසක මට මේ සීමාවෙන් එයාට ගිය චරිතයක් ලැබුණොත් මං ඒකට මගේ උපරිම සාධාරණය ඉටු කරන්න බලාගෙන ඉන්නවා.. එහෙම ලැබුණොත් කවදා හරි හොඳම නිලිය සම්මානයට පාත්‍ර වෙන එක තමයි මගේ එකම හීනය.. ඒක තමයි මගේ රංගන ජීවිතයේ ගෝල් එක.. ඒක එහෙම නොවුණා කියලා මට ප්‍රශ්‍නයකුත් නෑ.. මට ඒ දේවල් දරාගෙන මගේ ගමන යනවා..
