ඇය දායක වූ නිර්මාණ සංඛ්‍යාව ගණනින් සීමා සහිත වුවද, එම නිර්මාණ වෙනුවෙන් ඇය ලබාදුන් දායකත්වය හා ඒ තුළින් විද්‍යමාන කළ රංගනයට ඇති සුහුරු බව කිසිසේත්ම ලඝුකොට තැකිය නොහැකියි. මෙරට කලාව තුළ බොහෝසෙයින් කතාබහට ලක්වූ ආන්‍ෙදා්ලනාත්මක චරිත කිහිපයකටම පණ පෙවූ ඇයට මෙරට කලාව අලුත් මඟක් කරා ගෙනයෑමට මෙන්ම පටු දෘෂ්ටියක් සහිතව නිර්මාණ දෙස බැලූ ප්‍රේක්ෂක මනස වෙනස් කිරීමටද හැකියාව ලැබිණි. මෙවර සුමති සම්මාන උළෙලේ 2023 වසරේ හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය දිනා ගත් ඇය නමින් චමත්කා ලක්මිණිය.
2023 වසරේ නැඟී එන හොඳම ටෙලි නාට්‍ය නිළිය ඔබ, මොන වගේ ප්‍රහර්ෂයක්ද දැනෙන්නේ?
මේක තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍ය සම්මානය. කවදාවත් හිතුවේ නැහැ මට ටෙලි නාට්‍යයකට සම්මානයක් ලැබෙයි කියලා. මොකද මම චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක් නිසා. ගොඩක් සතුටුයි. තාම සතුට සමරනවා ඉතිං.
මෙවර උපන් දිනයට සම්මානයක්ම තෑගි ලැබුණා එහෙනම්?
මගේ උපන් දිනය පෙබරවාරි විසිඑක. පෙබරවාරි විස්ස මට වසරේ නැඟී එන හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සුමති සම්මානය ලැබෙනවා. විසිඑක කියන දවසේ කොහොමත් අපි හැම අවුරුද්දකම දෙසීයකට දානයක් දෙනවා. හැම අවුරුද්දකම ඒ දවස ගෙවෙන්නේ එහෙම. උපන් දිනයේ සතුට, දානය දීමේ සතුටට සම්මානයේ සතුටත් එකතු වෙලා. මේ පෙබරවාරි මාසෙම මම සතුටින් ගෙවන මාසයක්.
ලංකාව තුළ විශාල ආන්‍ෙදා්ලනයක් ඇති කළ නිර්මාණයක් වෙනුවෙනුයි ඔබට ඒ සුමති සම්මානය හිමිවුණේ?
ඒ සම්මානය වෙනුවෙන් මම මුලින්ම දසුන් පතිරණට සහ හියුමන් එරර්ස්හි අධ්‍යක්ෂ සුපුන් රත්නායකට ස්තූතිවන්ත වෙනවා. මොකද ඔවුන් දෙදෙනාගේ තේරීමක් තමයි මම. නිශා කියන චරිතය කරන්න පුළුවන් චමත්කටම තමයි කියන මතයේ තමයි ඔවුන් හිටියේ. ඔවුන් මාව විශ්වාස කළා. මිනි සීරිස් කියන වැඩේට මම ටිකක් ආසයි, මොකද මම මෙගා කන්සෙප්ට්වල වැඩ කරන්න කැමැති නැති නිසා. අපි ඕඩියන්ස් එකට අලුත් දේවල් ඉක්මනින් දෙන්න අවශ්‍යයි. රටේ තිබෙන තත්ත්වයත් එක්ක මිනිසුන්ට රසාස්වාදය කඩනමින් දීම වඩා සුදුසුයි. එකම දේක අවුරුදු ගණන් පැල් බැඳගෙන ඉන්නවට වැඩිය. මම ප්‍රේක්ෂකයෙක් විධියට කැමැතියි දවසින් දවස අලුත් නිර්මාණ රසවිඳින්න. අද ඉන්න නළු නිළියෝ ටිකම දාලා හෙට වෙනත් චැනල් එකකින් ඒ වගේම නිර්මාණයක් කරනවාට වැඩිය, ආර්ටිස්ලා, කන්සෙප්ට් එක, ස්ක්‍රිප්ට් එක මේ සියල්ල වෙනස් වෙලා ඕඩියන්ස් එකට දෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ටෙලි නාට්‍ය ඇතුළේ පෙරළියක් කරන්න හියුමන් එරර්ස් අපේ කණ්ඩායමට හැකි වීම මට සතුටක්.
හියුමන් එරර්ස් ප්‍රේක්ෂකාගාරයට විශාල බලපෑමක් කළා. ඒ ගැනත් කතා කරමු?
මේ මිනි සීරිස් කොහොමත් පෙන්වන්නේ? දහයෙන් පසුව. ඒකත් ස්වාධීන රූපවාහිනියේ. රෑ දහය කියන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන වෙලාව. ගෙවල්වල දරුවෝ නිදි කරන වෙලාව. මේක දරුවන්ට බලන්න නිර්මාණය කරපු එකක් නෙවෙයි. අපි හැමදාම නිර්මාණ හරහා දකින්නේ අනියම් සම්බන්ධතා තිබෙන පිළිවෙළයි. කෙල්ලො, කොල්ලෝ ආදරය කරන විධියයි. හැබැයි එතැනින් එහාට ඒ සම්බන්ධතා ඇතුළේ ගැඹුරු දේවල් ටිකක් තිබෙනවා. ඒවාට කොහොමද මුහුණ දෙන්නේ, ඒ වගේ දෙයක් කළොත් අපි කොයි වගේ වළවල්වලද වැටෙන්නේ වගේ පොඩි ඇඩ්වයිස් එකකුත් එක්ක මිනිසුන්ගේ රසාස්වාදය වැඩි කරන්න හියුමන් එරර්ස් හරහා හැකියාව ලැබුණා. එහි අවසාන කිහිපයක්ම ලබාදීලා තිබෙනවා. ප්‍රේක්ෂකයාට තමන්ට කැමැති අවසානයක් තෝරා ගන්න පුළුවන්.
ගිය වසරේ අග ඔබ වසරේ නැඟී එන හොඳම සිනමා නිළිය සම්මානයත් හිමිකර ගත්තා?
මම හිතන්නේ මගේ හොඳ කාලය ආරම්භ වුණා. ඒ වගේ එකක් දැනෙනවා මට. එහෙම කියන්නේ මම කරපු කැප කිරීම්වලට මම බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දවසක මට ඇගැයීමක් ලැබෙයි කියලා. මට විතරක් නෙවෙයි හුස්ම නිර්මාණයේ කාටහරි ඒ ඇගැයීම ලැබෙයි කියලා මම හිතුවා. හියුමන් එරර්ස් එකේ නිශා, හුස්ම එකෙත් තාරුකාත් මේ දෙන්නටම මම කරපු කැප කිරීම හරිම අමාරු කැප කිරීමක්. අපි සෙට් එකක මඩ කාගෙන, දූවිලි කාගෙන රඟපාන එක ලේසියි මම හිතන්නේ මගේ ආත්මයම ඒකට කැප කරලා රඟපානවට වැඩිය. හුස්ම කරලා අවුරුදු දෙකකට පමණ පස්සේ ඒ සම්මානය හිමි වෙන්නේ මට. මට ඕනෑ වුණේ හුස්ම ප්‍රඩක්ෂන් එකේ කාටම හරි මොනම හෝ සම්මාන උළෙලකදී සම්මානයක් හිමි වෙන්න අවශ්‍යයි කියන දේ. ඒ සම්මානය මට හිමි වුණා ඉතිං.
අද වන විට ප්‍රේක්ෂකයන් ඔබව අභියෝගාත්මක චරිත බාර ගන්න චරිතාංග නිළියක් ලෙස පිළිගෙන තිබෙනවා, ඒ හැඟීම මොන වගේද?
මම හරිම කැමැතියි අද කරන නිර්මාණයේ චරිතයට වඩා හාත්පසින් වෙනස් චරිතයක් ඊළඟ නිර්මාණයෙන් කරන්න. මේ ඉන්ඩස්ටි්‍ර එක ඇතුළේ වැඩ පටන් ගන්න දවසෙම මම හිතපු දෙයක් තමයි, මම මට පුළුවන් තාක්කල්, මැරෙනකම්ම මේ ඉන්ඩස්ටි්‍ර එකේ වැඩ කරනවා කියන දේ. මම උපරිම අවුරුදු විස්සක්, තිහක් මේ ක්ෂේත්‍රයේ ඉඳී. ඒ කාලය පුරාවටම මම එකම විධියේ චරිත නම් කරලා තිබෙන්නේ මට මැරෙනකම්ම සැනසීමක් නැති වෙයි. මට තිබෙන එකම සතුට චරිත සෑහෙන ප්‍රමාණයක් කිරීම. මම වයසට ගියපු කාලයක මම චරිත මෙච්චරක් කරලා තිබෙනවා කියලා සතුටු වෙන්න අවස්ථාව මට තිබෙන්න ඕනා. ඒ කාලෙදි අනේ මට මේ වගේ චරිතයක්
කරගන්න බැරි වුණානේ කියලා දුක් වෙනවට වඩා මම කැමැතියි හැම චරිතයක්ම කරන්න. මම මේ ඉන්ඩස්ටි්‍ර එකට එද්දි හිතපු තව දෙයක් තමයි මම මට ලැබෙන ඕනෑම චරිතයක්, චරිතයක් විධියට බාරගෙන මගේ පෞද්ගලික ජීවිතයට හානියක් නොවෙන්න කරනවා කියන දේ. මම කවදාවත් කලාව සහ පෞද්ගලික ජීවිතය පටලගෙන නැහැ. ඒ දෙක පැටලිලා මට ප්‍රශ්න ඇති වෙලත් නැහැ. මම ආසයි අභියෝග තිබෙන, කරන්න අමාරු චරිත බාරගෙන කරන්න.
ඔබව ප්‍රේක්ෂක ග්‍රහණයට ලක්වුණු මුල් කාලයේ ලැබුණු ප්‍රතිචාරවලට වඩා අද ලැබෙන ප්‍රතිචාර හාත්පසින් වෙනස්, ඒ ගැන කතා කළොත්?
මුලින්ම ප්‍රේක්ෂකයා මාව දැක්කේ ගිනියම් රෑ ගීතය හරහා. ඒකෙන් පසුව මම මාසයක් දෙකක් එළියට බහින්නේ නැතුව හිටියා. ඒ කාලයේ තිබුණු තාක්ෂණය භාවිතය මඳකම හා අප්ඩේට් නොවීම වැනි කාරණා හේතුවෙන් පටු විධියට හිතන විශාල රසික පිරිසක් හිටියා. නමුත් දැන් මිනිස්සු ෆිල්ම් බලනවා. අප්ඩේට් වෙනවා. විදෙස් චිත්‍රපට බලනවා. ඒ වගේ දේවල් එක්ක ඔවුන්ගේ ප්‍රතිචාර බොහොම වෙනස් වෙලා තිබෙනවා.
මේ දිනවල සාර්ථකව තිරගත වන ඔබේ අලුත් සිනමාපටය වර්ණ ගැනත් කතා කරමු?
අජිත් පී. ධර්මසූරිය මහත්මයාගේ කුලු¾දුල් අධ්‍යක්ෂණය. මම කවදාවත් හිතපු නැති කට්ටියක් එක්ක මම වැඩ කරන්නේ. ජයනි සේනානායක, ලක්ෂ්මන් මෙන්දිස්, විශ්ව කොඩිකාර වගේ. විශ්ව අයියා මෙතුවක් කරලා තිබුණු කැටගරීස් එක්ක ඔහු සමඟ කවදාවත් රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. වර්ණ මේ වෙද්දි බොහොම සාර්ථකව තිරගත වෙනවා. ප්‍රේක්ෂයාට ඒක නරඹන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
අක්ෂි මාපා වීරසිංහ
.png)
.png)
.png)