උදාරි වර්ණකුලසූරිය කියන්නෙ රිදී තිරයේ විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයින් වෙත සමීප වුණු ආදරණීය තාරකාවක්.සමාජ මාධ්‍ය තුළත් ඇය නිතර දෙවෙලේ දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි. පසුගිය දවසක වැඩසටහනකට එක්වෙමින් උදාරි වර්ණකුලසූරිය කියූ කතාවක් තමයි මේ..
ඇත්තටම ඇයි උදාරිට යාලුවෝ අඩු ?
ඔව්... මට ෆීල්ඩ් එකෙත් යාලුවෝ නෑ. එක කුස උපන් අයියගෙ වෙඩින් එකට ඇරෙන්න නැදෑයෙක්ගෙවත් වෙඩින් එකකට ගිහින් නෑ මම නංගිලා මල්ලිලාගේ වගේම කසින්ලාගේ පවා ගිහින් නෑ. කෝල් කරලවත් විශ් කරලා නෑ තරහක් නෙවේ. ඒ මගේ හැටි කියලා එයාලා දන්නවා.
මම හුදකලා වෙච්ච ගැහැනියක් කියන්න පුලුවන්. මට මේක්අප් කරන්න හරි අමාරුයි. ගැහැනු කිව්වම මේක්අප් එක්කමනේ ඉන්නෙ. මම ඒකට කම්මැලි. ඒ විදිහට ඉන්න එක ජනප්‍රියත්වයට පාඩුවක් වෙලත් නෑ ඒක. ඒක ජනප්‍රියත්වය ට හේතුවක් වෙන්නත් ඇති. චෝදනා ඇවිල්ලත් නෑ. රඟපාන්න ගියත් කතා කරන්නේ ඒ චරිතේ ගැන විතරයි...



