තාම සමහර අය මගෙ අතීතේ එල්ලිලා ඉන්නවා -සාරංග දිසාසේකර




දිනක්ෂි ප්‍රියසාද් – සාරංග දිසාසේකර කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන යුවළක්. විවේචන අපහාස කොපමණක් වුණත් මේ දෙන්නා නම් නෙවි, ඒවා තඹේකට මායිම් කරන්නේ. තමන්ට එල්ල වෙන විවේචන ගැන සාරංග මෑතක  පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණා.

ෆැන්ස්ලා කොටස් දෙකක් ඉන්නවා නේද සාරංගට ?


 ඒක පබ්ලික් නෙවේ, යාලුවෝ වෙන්නත් පුලුවන්. සෝශල් මීඩියා ඇතුළේ ඔ්න දෙයක් කියන්න පුලුවන්.. දිනක්ශි නම් ඒවාට ඉස්සර අප්සැට් ගියා. දැන් නම් නෑ. අපිට කමෙන්ට් එකකට රිප්ලයි දන්න හිතුණොත් මොනා හරි දාලා ඉන්නවා ඉතින්.. සාරංග විවාහ වුණු කාලේ ලොකු විවේචන ආවා, මඩ ප්‍රහාර ගියා..

ඒවාට කොහොම ද උත්තර දුන්නේ ? ඒ වෙනුවෙන් ලොකුවට උත්තර බඳින්න ගියේ නෑ. තාම සමහර අය මගෙ අතීතේ එල්ලිලා ඉන්නවා. මමත් අයින්වෙලා ඉන්නෙ ඒ අතීතෙන්..  ඒ අතීතෙට ආදරේ කරපු ෆෑන් බේස් එකක් හිටියා. ඒ අයට දරාගන්න බැරිවෙලා බනිනවා. මම කියන්නෙ අපෙ අතීතේ ඉන්න එපා. ඉස්සරහට යමු…









Previous Post Next Post