කලා නිර්මාණ හරහා විවිධ රංගන දක්ෂතා පෙන්නුම් කරන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න. මීට වසර ගණනාවකට ඉහතදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘බට්ටී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණු දමිතාට එද වගේම අදටත් ප්‍රේක්ෂක ආදරය ඇය නිතැතින්ම ලබා ගන්නවා. දමිතා අබේරත්න කියන මේ ආදරණීය කලා ශිල්පිනිය එකිනෙකට හාත්පසින්ම වෙනස් විදියේ චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
ඉතින් දමිතා අබේරත්න ගැන පසුගිය දා වැඩිපුර කතා බහ කලේ ඇය දේශපාලන වේදිකාවට ගොඩවීමත් එක්කයි. ඉතින් අපේ රටේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලිට නැවතත් අසනීප වීම නිසා ඇයට ප්‍රතිකාර ලබා ගන්න දරාගත නොහැකි මුදලක් වැය වන නිසා එයට උදව් කරන ලෙසට ඇය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා. මේ බව දමිතාට ආරංචිවීමත් එක්ක ඇය ඒ සදහා පිළියමක් කලා. ඒ ගැන දමිතා අබේරත්න මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මට සුසන්තා අක්කට මෙහෙම උදව්වක් ඕන කියලා කිව්වේ පේෂල මල්ලී. මම වැඩිය යූ ටියුබ් එහෙම බලන්නෙ නෑ. පේෂල මල්ලිට කියලා තියෙන්නේ හිරුණිකා නංගී. ඉතින් ප්‍රේෂල සහ විශ්ව කියන්නේ මගෙත් එක්ක අරගලයට මුල ඉදලම හිටපු දෙන්නෙක්නේ. ඉතින් මම ඒක දැන ගත්ත ගමන් සුසන්තා අක්කට කෝල් හැටකට වඩ ගත්තා.



