පහුගිය කාලයේ ස්වාධීන රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුනු පිච්ච මල සුවඳයි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා කියලා කියන්නේ. ඉතින් ඇය පුංචි තිරය හරහා මෙන්ම රිදී තිරය හරහාත් රංගනයෙන් දායක වෙමින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දින ගත්ත රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ දිනවල නම් අපට ඇයව රූපවාහිනිය ඔස්සේ දකින්න ලැබෙන්නේ නැහැ.
ඉතින් පුංචි තිරයේ අහිංසකාවිය විදිහට බොහෝ දෙනෙක් හදුනන ඇය රංගනයට පැමිණියේ ඇයගේ මවගේ ආභාසයෙන් වුනත් අද වනවිට ඇයගේම දක්ෂතාව නිසා ඇයටම ආවේණික රංගන කෞශල්‍යයක් ගොඩනගා ගෙන තිබේනවා. ඒ වගේම ඇයගේ ආදරණීය මව වන ජනප්‍රිය ප්‍රවීණ නිලි සුසන්තා චන්ද්‍රමාලි ගැනත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකා ගැන අපට කණගාටුදායක පුවතක් අහන්නට දකින්නට ලැබුණා. ඒ තමයි ඇය ශ්‍රී ලංකාව අතහැර දමා ආදරණීය සැමියත් එක්ක පිටරට පදිංචියට යාමට සැරසෙන බව. ඉතින් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ඡායාරූප කිහිපයක් වගේම සටහනක්ද එකතු කරමින් ඇය මේ බව පවසලා තිබුණා.
ඉතින් එහිදී ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. වචනයෙන් කියනවානම් මෙය මෙතෙක් පැවති දුෂ්කරම සමු ගැනීමයි. ඉතින් නැවත හමු වන තුරු මගේ ආදරණීය ඔබ සැමට ආයුබෝවන් කියලයි ඇය රටින් පිට වන මොහොතේ ඡායාරූපයක්ද සමඟින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පවසලා තිබුනේ.

.jpg)
.jpg)