මම රඟපාන්නේ නැත්තේ පේන්න ඉන්න අකමැති නිසා, නිතරම පෙනුනහම වටිනාකම අඩුයි - ෂෙරිල් රොමේන්




එකම නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් ගේ හදවත් එකපාරටම දිනා ගන්න හැකියාවක් තියෙනවා නම් ඒ වගේම ඒ නිර්මාණය තුළින් හැමදාටමත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳෙන්න පුළුවන් නම් රංගන ශිල්පියෙක් හෝ වේවා රංගන ශිල්පිනියක් හෝ වේවා ඇය හෝ ඔහු ලබන උතුම්ම වාසනාව ඒක කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාසනාව ලබපු එක් රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.ඇයට වාසනාව කැන්දපු ඒ නිර්මාණය තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අමා ටෙලි නාට්‍ය. මේ ටෙලි නාට්‍යය තුළින් අදටත් ඇය කොයි තරම් ජනප්‍රියද කියනවානම් බොහෝවිට ෂෙරිල් කියලා නෙමෙයි ප්‍රේක්ෂකයන් ඇයව හඳුන්වන්නේ. ඇයට කියන්නේ අමා කියලා.

මේ සුන්දර කලාකාරිනිය විවාහ වෙන්නේ ක්ෂේත්‍රයේ අති දක්ෂ ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමඟ. ඒ විවාහයෙන් අනතුරුව වැඩිපුර ෂෙරිල් ව නිර්මාණත් එක්ක නම් දැකබලාගන්න හැකියාව ලැබුණේ නැහැ. ඇයව අපිට දකින්න ලැබුනේ රුවන්ගේ විවිධ ගීත නිර්මාණ වල රූප රචනා හරහායි. ගොඩක් දෙනෙක්ට පැනනගින ප්‍රශ්නයක් තමයි ඇයි මෙච්චර ලස්සන ඒ වගේම දක්ෂතාවයක් තියෙන ශෙරිල් රඟපාන්න එන්නේ නැත්තේ කියන දේ. ඉස්සර වගේ ටෙලි නාට්‍යවලට ආරාධනා එන්නේ නැද්ද ඇය රංගනයෙන් ඈත් ඈත්වෙලා ද වෙලා ඉන්නේ කියලා අහපු අවස්ථාවක ඇය කලකට ඉහතදී පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුනෙ මේ විදිහටයි.

“අම්මෝ ගොඩක් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා ඒත් මට තවම හොඳ චරිතයක් හම්බුනේ නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා නැහැ කියන්නේ නැහැ. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ගොඩක් ආසයි. රුවන් මට කවදාවත් රඟපාන්න එපා කියලා නැහැ. තව දෙයක් විවාහ වුණා කියලා රංගන ජීවිතේ කිසිම වෙනසක් වුණේ නැහැ. රග නොපාන්නේ මම වැඩිය පේන්න ඉන්න අකමැති නිසා. නිතරම පේන්න ඉන්නකොට අපේ වටිනාකම අඩු වෙනවා”

ඇය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්න වලට පිළිතුරු දීල තිබුනෙ ඒ විදියටයි. ඒ වගේම ඉස්සර වගේම අදටත් නර්තන ශිල්පිනියක් විදිහට ඇගේ නර්ථන කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් අහනවා ශෙරිල් කවද්ද අම්මා කෙනෙක් වෙන්නේ කියලා. ඒ කිසිදු ප්‍රශ්නයකට ඇය පිළිතුරු දෙන්න සූදානමින් නැහැ මොකද ෂෙරිල් සඳහන් කරන්නේ පෞද්ගලික ජීවිත තොරතුරු ඒ විදිහට හුවමාරු කරගන්න අවශ්‍ය නැහැ කියලයි. ඉතින් දවසක ඇයට ගැළපෙන සුන්දර චරිතයක් හමුවුනොත් කලා ලෝකයත් එක්ක නැවත සම්බන්ධ වෙන්න ෂෙරිල් සූදානමින්. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.





Previous Post Next Post