ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම කරපු බර්ත් ඩේ ශූට් එක

 


කාලයක් පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් වෙලා හිටපු ඇය සුරූපී ඕෂධී හේවාමද්දුමයි. අද වන විට පුංචි තිරය හරහා නිතරම දැකගන්න ලැබුණේ නැතත් ඇය පුංචි තිරය තුලින් ප්‍රේක්ෂක අපේ ආදරය ලබා ගත්ත කාලයක් තිබුණා. ඉතින් මේ දිනවල ඇයව දැක ගන්න ලැබෙන්නේ හිරු නාළිකාවේ විකාශය වෙන සති අග ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ.මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඕෂධී විවාහ වෙන්නේ ඇගේ කලා ජීවිතයේ ඇය බෙහෙවින් ම බෙහෙවින්ම ජනප්‍රිය කාලයේයි. හැම දෙයක්ම ජෝතිශයට අනුව වෙලාව බලලා කරන ඕෂධී දේශපාලනයට පිවිසීමත් එක්ක ප්‍රේක්ෂකයන්ගේ විවිධ කතා බහවලට ඇය ලක්වෙනවා.


ඉතින් ඕෂධී හේවාමද්දුම ගැන පසුගිය දවස් වල අපිත් අසන්නට ලැබුණේ හොඳ ආරංචියක් නං නෙවෙයි. ඒ ඇය හදිසියේම අසනීප වෙලා රෝහල්ගත කළ පුවතක්. ඉතින් ඇය ඒ ගැන ඇගේ සමාජ මාධ්‍ය හරහා සටහනක් පල කරලා තිබුනා. ඒ වගේම පසුගිය දා ඇගේ උපන්දිනය යෙදීමත් එක්ක සුභ පැතුම් අතරේ ඇගේ හිත හිත මිත්‍රාදීන් ගේ සහයෝගයෙන් ඉතාම කෙටි කාලයක් තුළදී birthday shoot එකක් කරලා තිබුණා.






Previous Post Next Post