නයනා කුමාරි කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට ඇවිත් යන කවුරුත් දැන අඳුනන චර්තයක්. අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් "දිවිතුරා" ටෙලි නිර්මාණය හරහාත් ඇයව අපට හමුවෙනවා.වෘත්තියෙන් නයනා කුමාරි රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසයි කටයුතු කරන්නේ.පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සාකච්ඡාවකට එක්වෙමින් නයනා තමන් ගැන පැතිර ඇති භයානක කටකතා ගැන මේ විදිහේ පිළිතුරක් දුන්නා.
ගයත්‍රි සහ ඔබ ව සම්බන්ධ කරලා බොහෝ කතන්දර හදලා තිබුණා ? මොකක්ද හේතුව ?
අපි උත්සවයකට ගියත් එකට යන්න එන්නේ. ඒ නිසා කතා හදන්න ඇති. හැබැයි අපිට එහෙම දැනුන් නෑ. ගයත්‍රි එයාගේ ගමන ගියා. මගේ ගමන මම යනවා. ඇත්තටම කවදාවත් අපි දෙන්නවාත් කතා වෙලා නෑ ඔය කතා ගැන, කාලය වැය කරලා නෑ. මෙහෙම කිව්වා අය හිටියා කියලා අපි දැනන් හිටියා. ඕවා ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් මානසික අසහනය නිසා කළාට අපි ගණන් ගන්න ඕනේ නෑ. මම යි ගයත්‍රි යි අවුලක් නෑ... ජනාධිපති අගමැති ගන්න.... එයාලටත් කටකතා හැදුනේ. මම එදා ඉඳන්ම මගේ ගමන ගියා. අද මම හොඳින් ශක්තිමත්ම ඉන්න ගැහැනියක්.



