දෙවියෝ මට මේ විදිහේ දඩුවමක් දුන්නේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා - පියුමි බොතේජු



ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව කලා ක්ෂේත්‍රයේද ආදරබර විනෝදබර චරිතයක් වන පියුමි බොතේජු කාලෙන් කාලෙට රසිකයන්ගේ රසභාවයන් අවදි කරවන චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට ගොඩවෙනවා.පියුමි පිළිබඳ පසුගිය දිනවල අසන්නට ලැබුණේ ඉතා කනගාටුදායක ආරංචියක්. විෂබීජයක් ශර ගත වී හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් සමඟ දින ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට ඇය විවේකී සුවෙන් ඉන්නා මොහොතක, පියුමිට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඇය සමඟ සති අන්ත පුවත්පතක මේ විදියට සොඳුරු සංවාදයක් සටහන්ව තිබුණා.


කොහොමද දැන් අසනීප තත්ත්වය?

දරුණු විෂබීජයක් ලේවලට ඇතුල්වෙලා කියලා තමයි වෛද්‍යවරු කිවේ. දැන් නම් ගොඩක් දුරට සුවයි. මේ වෙලාවේ වෛද්‍යවරු උපදෙස් දුන්නේ විවේකීව ඉන්න කියලා. සති දෙකක් රූපගත කිරිම් කිසිම දේකට සහභාගි වුණේ නෑ. දවස් 7ක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබලා ගෙදර ඇවිල්ලා තාම දින කිහිපයයි. වෛද්‍යවරු නම් කියන්නේ තව සතියක් එකහමාරක් විතර විවේක ගන්න කියලා. වෛද්‍යවරු ගෙදර එවෙ ඇඳෙවත් බහින්න එපා කියලා. 


ඒ කියන්නේ අද හෙට පියුමිව නිර්මාණ තුළින් දකින්න ලැබෙන එකක් නැද්ද?

මේ වෙනකොට මම ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවා. මම අසනීපවීමත් එක්ක ඒ හැම කෙනෙක්ම ලොකු අපහසුතාවයකට පත්වුණා. ඒ සියලුම නිර්මාණ අධ්‍යක්ෂවරුන්ගෙන් මම සමාව ඉල්ලනවා සිදුවූ අපහසුතාවයන්ට. මට ලොකුවට මහන්සිවෙලා වැඩ කරන බැරිවෙයි. ඒත් පුළුවන් ප්‍රමාණය හරි කරන්න මම උත්සාහ ගන්නවා. ලබන සතිය වෙනකොට නැවත වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මගේ වෘත්තිය මේක, ජීවත් වෙන්නේ මේකෙන්. ඉක්මණට සනීප වෙලා වැඩ ටික නැවත පටන් ගන්න පුළුවන් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. පහුගිය කාලේ කොරෝනා ප්‍රශ්න එක්ක වැඩ නැතුව ඉඳලා වැඩ ටිකක් පටන් ගත්තා විතරයි. දෙවියෝ මට මේ විදිහේ දඩුවමක් දුන්නේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා. මම අම්මාව බලාගන්න ඕන කාලේ ඇය මම වෙනුවෙන් වෙහෙසෙන විදිහ දැක්කම හරි දුකයි. මගේ පුංචි මගේ අක්කා මගේ ළඟින් ඉඳගෙන මේ ටිකේම මං වෙනුවෙන් කැප වුණා. මාව ආදරයෙන් බලාගත්තා.





Previous Post Next Post