පසුගිය දිනවල බොලිවුඩයේ වඩාත් කැපී පෙනෙන යුවල වූයේ කපූර් පරම්පරාවේ පුරුකක් වන රන්ධීර් කපූර් සහ සිනමා අධ්‍යක්ෂ මහේෂ් ඛාන්ගේ දියණිය වන ආලියා බාත්. එයට හේත්තුව වූයේ පසුගිය අප්‍රේල් මස ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමයි. පසුගිය දිනවල ඉන්දියාවේ තිරගත වුණු ගංගුබායි කතියාවාඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ආලියා බාත් ගැන කා අතරත් කතාබහට ලක්වුණා. ජුලි මස අග තිරගත වෙන්න නියමිත ත්‍රා චිත්‍රපටයේද ආලියා සහ රන්ධීර් පෙම්වතුන් ලෙස චරිත නිරූපණය කරයි.
පසුගියදා ආලියා බාත් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සුබ ආරංචියක් පල කළා. ඒ ඇය ගැබිනියක් බවට පත් වුණු බවයි. ඇයව කෑන් පරික්ෂාවට ලක් කරන ඡායාරූපයක් පළ කරමින් රන්වීර් - ආලියා යුවලට තවත් අමුත්තෙක් එන බව ඇය සඳහන් කරලා තිබුණා. ඒත් සමගම බොලිවුඩයේ සියලුම දෙනා මාපියන් වෙන්න ඉන්න නව යුවලට සුබ පැතුවා. මේ සුබ ආරංචියෙන් පසුව ආලියා සමාජජාලාවල සුපුරුදු පරිදි ජායාරූප පළ කරමින් ඉන්නවා.



