සෙව්වන්දි නයනතාරා මව්පදවියට




සෙව්වන්දි නයනතාරා කියන්නේ කාලයක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වුණු කෙනෙක්. විටෙක් සමාජ මාධ්‍ය තුළ ඇය අතිශය ජනප්‍රියට පත් වුණු කාලයක් තිබුණා. රිටොක්හි ජනප්‍රිය වීමත් සමගම ඇයට කලා  ක්ෂේත්‍රයේද දොර විවර වුණා. ඉන්පසුව නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නට ඇයට හැකි වුණා. කෙසේ  වෙතත් ඇයගේ විවාහයෙන් පසුව ඇය කලා ක්ෂේත්‍රයෙන් මදක් ඈත් වුණා. නමුත් සෙව්වන්දිගේ රසිකයන්ට මේ කියන්න යන්නේ ඇය ගැන සුබ ආරංචියක්. මේ වනවිට සෙව්වන්දි මවක් වීමට සූදානම් වනවා. ඒ කියන්නේ තව මාස කිහිපයකින් ඇය මවක්. මේ ගැන ඇය සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූප කිහිපයක් එක්කොට තිබුණා. 





Previous Post Next Post