අවුරුදු පහකට පස්සේ ටෙලි නාට්‍යයක් භාර ගත්තා – සේමිණී ඉද්දමල්ගොඩ

Tuesday, November 16, 2021 , 0 Comments




රංගන ක්‍ෂේත‍්‍රය තුළ නිර්මාණ අතළොස්සකට රංගනයෙන් දායකත්වය ලබා දී රසික රසිකාවියන්ගේ හදවත්වලට සමීප වී සිටින සේමිණී ඉද්දමල්ගොඩ වර්තමානයේ අපිට සිටින දක්‍ෂ රංගන ශිල්පිණියක්. නමුත් ඇයව මේ දිනවල නිතර දකින්න නැති තරම්. කලකට පසුව සේමිණීව රූපවාහිනියේ කලම්බෝ ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබෙනවා. 


කාලෙකට පස්සේ සේමිණී  ඉද්දමල්ගොඩ කියන රංගන ශිල්පිණියව කලම්බෝ ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?


 ප‍්‍රතිචාර හොඳයි. හැබැයි මේ චරිත තවම මිනිස්සු අතරට ගිහිල්ලා නෑ. තවම වැඬේ අලූත්. මේ ටෙලිනාට්‍යයේ චරිත ගොඩක් තියෙනවා. ඔක්කොම ඉන්නේ හොඳම හොඳ ස්පි‍්‍රට් එකක්. ඒ නිසා තවම පේ්‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලොකුවට ලැබිලා නෑ.


 ඇත්තටම කොච්චර කාලයකට පස්සේද මේ නිර්මාණය භාරගත්තේ?


 මම හිතන්නේ අවුරුදු පහකට පස්සේ.


 දැන් ඉස්සර වගේ ටෙලි නාට්‍ය භාරගන්නේ නැතිද?


 නැහැ. මම ටෙලිනාට්‍ය ටික කාලයක් කළේ නෑ. චිත‍්‍රපටවල විතරයි ර`ගපෑවේ. ඊට පස්සේ මම වන්ස් අපෝන ටයිම් කලම්බෝ ටෙලිනාට්‍යයේ විශේෂත්වයක් දැක්ක හින්ද නිසයි ඒකට කැමැති වුණේ.


  කලම්බෝ ටෙලිනාට්‍ය භාරගන්න විශේෂ හේතුවක් තිබුණද?


 මේ නාට්‍යයේ අපිට ර`ගපාන්න වපසරියක් තිබුණා. ඒ වගේම අපිට වෙනම චරිතයක් විදිහට හැඩගැහෙන්න අවස්ථාවක් තිබ්බා. ඉතිං ඒ හින්ද තමයි කැමැති වුණේ.


 මොකද ඒ වෙනකොට මම මේ නාට්‍යයේ ර`ගපාන කාලයේ ප‍්‍රසන්න ජයකොඩිගේ එයා දැන් බැඳලා කියලා ටෙලිනාට්‍යයක ර`ගපෑවා. ඉතිං ඒකෙන් පස්සේ මම පොඞ්ඩක් මෝටිවේට් වුණා. ඊට පස්සේ තමයි මම මේ වැඬේ භාරගත්තේ.


 නවක අධ්‍යක්‍ෂකවරයෙක් වුණ චමිල පතිරත්න සම`ග තමයි වැඩ කරන්න තියෙන්නේ. කොහොමද ඒ අත්දැකීම


 ඇත්තටම චමිල කියන්නේ හොඳ අධ්‍යක්‍ෂකවරයෙක්. මම වැඩ කරලා තියෙන අධ්‍යක්‍ෂකවරුන් එක්ක බලද්දී චමිල එතැනට ළ`ගයි. ඒ ලංවීමත් එක හේතුවක් වුණා මම වැඬේට කැමැති වෙන්න.


 වර්තමානයේ තිබෙන ටෙලිනාට්‍ය ගැන ඔබ කලකිරීමෙන්ද ඉන්නේ.


 එහෙම නෙමෙයි, කොහොමත් මම කවදාවත් මෙගා නාට්‍යවල ර`ගපෑවේ නැහැ. ඒක මගේ ප‍්‍රතිපත්තියක්. මට එක දිගට වැඩ කරන්න බැහැ. මම කරන්නේ මොකක්ද කියන දේ මම දැනගන්න ඕනෑ. අනික මට පිටපතක් අතට ලැබෙන්න ඕනෑ. ඒක මගේ පෞද්ගලික තීරණයක්.


 වර්තමානයේ බිහිවන ටෙලිනාට්‍ය ගැන මොකද හිතන්නේ?


 මෙහෙමයි, මෙගා නාට්‍යත් එක්ක හොඳ නිර්මාණත්් බිහිවෙනවා.


 ඉඳලා හිටලා වැඩ කිරීම අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?


 නැහැ. එහෙම මට හිතෙන්නේ නැහැ. මට ඇහෙන දේවල් විතරයි මම කළේ. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු විස්සකට වැඩියි. ඒ අවුරුදු විස්සටම මට දැනෙන දේවල් විතරයි මම කරලා තියෙන්නේ. මොකද මට ජනප‍්‍රිය වෙලා බැබළි බැබළි ඉන්න වුවමනාවක් නෑ.



පසුගිය කාලයේ ඔබට ලැබුණු සිනමා නිර්මාණ ගැන කතා කළොත්


 කොරෝනා වසංගතයට කලින් මම චිත‍්‍රපට තුනක වැඩ කළා. මම හිතන්නේ මේ ප‍්‍රශ්න – ඉවර වුණහම ඒ තුන ඉදිරියේදී දැකගන්න ලැබේවි.


 දිගු කලකට පසු ටෙලිනාට්‍යයකින් දකින්න ලැබීම ගැන ක්‍ෂේත‍්‍රයේ අය මොනවද කිව්වේ.


 හැමෝම දන්නවා මම කොයිවගේ හිතන පතන කෙනෙක්ද කියලා. ඔවුන් දන්නවා මම සම්බන්ධ වුණොත් ඒක හොඳ නිර්මාණයක් කියලා.


 නිර්මාණයක් තෝරා ගැනීමේදී ඔබ මොන වගේ සාධකද සොයා බලන්නේ?


 පිටපත, අධ්‍යක්‍ෂකවරයා, මොන වගේ චරිතයක්ද මට ලැබෙන්නේ. ඒ චරිතය ඒ නාට්‍ය තුළ කොච්චර සාධාරණයක් ඉෂ්ට කරනවාද කියන කාරණාව වගේ දේවල් බලනවා.


  ඔබ ර`ගපෑ චරිත ගැන ඔබ තෘප්තිමත්ද?


 ඔව්. අනිවාර්යයෙන්ම මම තෘප්තිමත් නැති චරිතයක් මම ජීවිතේට කරලා නෑ.


  ඒ අතුරින් ඔබේ හිතට වඩාත් තදින් දැනුණා චරිත තියෙනවාද?


 එහෙම නම් වශයෙන් කිව්වොත් ගොඩක් තියෙනවා. යර්ස් බොස් රෝෂිණී, නේත‍්‍රා මංගල්‍යයේ පුන්නි, කළුවර ගෙදර පොඩි හාමිනේ, ස්වයංජාත වගේ මම ර`ගපෑ ගොඩක් චරිත තියෙනවා.


 ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න අදහසක් නැතිද?


 අධ්‍යක්‍ෂණය ගැන මට දැනීමක් නෑ


  ප‍්‍රසන්න ජයකොඩිගේ එයා දැන් බැඳලා ටෙලි නාට්‍යය ගැන කතා කළොත්


 ඇත්තම කිව්වොත් මේ ටෙලිනාට්‍යය ක්‍ෂේත‍්‍රයේ ලොකු වෙනසක් ඇතිි කරාවි. ඇත්තටම මේ චරිතය හැමෝම දැකලා තියෙනවා. මොකද 28 චිත‍්‍රපටයේ


 සුද්දිගේ පෙර ජීවිතය තමයි එයා දැන් බැඳලා කියන නාට්‍යයෙන් විකාශනය වෙන්නේ. ඒ නිසා පේ‍්‍රක්‍ෂකයන්ට සුද්දිව හුරුයි.


  සුද්දි කියන්නේ සමාජයේ කතාබහට ලක් වුණ චරිතයක්. අද වෙනකොට මොකද හිතන්නේ?


 මිනිස්සුන්ට අපිව පෙන්වන්න පුළුවන් වුණ සුද්දි කොහොමද ජීවමාන වුණේ කියලා චිත‍්‍රපටයෙන් දැක්කේ


 සුද්දිගේ මරණය විතරයිනේ. ටෙලි නාට්‍යයෙන් දැකගන්න ලැබේවි සුද්දි කොහොමද මරණයට පත් වුණේ කියලා. මොකක්ද සුද්දිගේ ජීවිත කතාව කියලා.


 මේ චරිතය ඔබේ රංගන ජීවිතයේ ලොකු කඩඉමක් කියලා හිතනවාද?


 මේක ටර්නින් පොයින්ට් එකක් වෙනවා. මට විතරක් නෙමෙයි, මුළු ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේම ටර්නින් පොයින්ට් එකක් වෙනවා.


 අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න මොකද කිව්වේ ඔබේ රංගනය ගැන


 ප‍්‍රසන්න ජයකොඩි කියන්නේ අධ්‍යක්‍ෂකවරයෙක් විදිහට හරිම අමාරු කාරයෙක්. ඉතිං ඔහු සෑහීමකට පත්කරන්න පුළුවන් වෙනවා කියන්නේ රංගන ශිල්පියකුට හෝ ශිල්පිණියකට ලොකු භාර¥ර කර්තව්‍යයක්. ඉතිං ඔහු සෑහීමකට පත්කළා කියලා අපි හිතනවා. මම, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, ප‍්‍රදීප්. ඇත්තටම මේ මුළු නාට්‍යටම ඉන්නේ චරිත හතරයි.



  දිනේෂ් විතාන