අපිට බැන බැන අපේ නිර්මාණ රස විඳින ගොඩක් දෙනෙක් ඉන්නවා - දිමංක වෙල්ලාලගේ

Monday, November 08, 2021 , 0 Comments



මේ දිනවල ජනප‍්‍රිය ගීත නාමාවලියේ ඉහළින් සටහන් වූ ගීත අතර නලෝලා ගීතයද ඉදිරියෙන්ම ඇත. අහිංසකාවී ගීතය නිර්මාණය කර වසරකින් පසුව” නව පරපුරේ ගායකයකු වන දිමංක වෙල්ලාලගේ පසුගිය 27 වැනිදා ඔහුගේ නවතම ගීත නිර්මාණය ‘නලෝලා නමින් එළිදැක්වීය.


නිදුකින් ඉනුමැන ගීතයත් සමඟ අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වූ දිමංක තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත් ගායකයෙකි. ඔහුගේ සියලූම ගීත නිර්මාණ තාරුණ්‍යයේ බොහෝ දෙනකු අතර ජනප‍්‍රියත්වයට පත් විය.


 ‘කොවිඩ් කාලසීමාව තුළ අලූත් නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ නිසා ටික කාලයක් යනකම් බලන් ඉන්න සිද්ධ වුණා. නමුත් මම මේ අවුරුද්දේ වෙසක් පොහොය නිමිත්තෙන් ‘එන්න තෙමි තෙමී” යමු අමා වැස්සේ. ලෙස බොදු බැති ගීතයක් කළා. අලූතෙන් නිර්මාණයක් නොකළ කාලයක වුණත් රසිකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරවල” ඉල්ලීම් වල අඩුවක් තිබුණෙ නැහැ. ඒ රසිකයන්ගේ ආදරයට තෑග්ගක් විදිහට ‘නලෝලා. නමින් මගේ නවතම ගීත නිර්මාණය එළිදැක්වුණා. ගොඩක් මහන්සිවෙලා ආසාවෙන් කරපු වෙනස් නිර්මාණයක් තමයි ‘නලෝලා. කියලා කියන්නේ.මේ ගීතය මගේ සංගීත ජීවිතය වෙනස් කරපු නිර්මාණ වලින් එකක්. ගීතය එළිදක්වා දින කිහිපයක් ගත වෙද්දීම ඔහුගේ අනෙක් ගීත වලට මෙන්ම ඉහළ ප‍්‍රතිචාර මෙම ගීතයටද ලැබුණ බව දිමංක පවසයි. හර්ෂණ කේ. පෙරේරාගේ පද රචනයක් වන මෙම ගීතයේ සංගීත නිර්මාණය ප‍්‍රගීත් පෙරේරාගෙනි.


 ‘මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරුදු දහයකටත් ආසන්නයි. මේ කාලය ඇතුළත ටෙලිනාට්‍ය වල තේමා ගීත ඇතුළුව මම ගීත තිහකට ආසන්න ප‍්‍රමාණයක් කරලා තියෙනවා. මගේ නිර්මාණ මේ රටේ තරුණ පරපුර ආදරයෙන් වැළඳ ගන්නවා. නිදුකින් ඉනුමැන ගීතයේ ඉඳලා මේ දක්වාම මගේ ගීත වලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.. වෘත්තීමය ගායන ශිල්පියෙකු ලෙසින් තමන් ආ ගමන ගැන දිමංක එලෙස සිහිපත් කරයි.

මෙරට තරුණ පරපුර කැමැත්තෙන් වැළඳගත් ගීත අතර දිමංකගේ ගීතද බොහෝමයක් ඇති බවට සැකයක් නැත. නමුත් පේ‍්‍රමය සහ විරහව සම්බන්ධයෙන් රැල්ලක් ලෙසින් ජනප‍්‍රිය ගීත බොහෝමයක් නිර්මාණය වද්දී” සමාජයේ එක් කොටසක් විසින් එම ගීත ප‍්‍රතික්ෂේප කරන බව සියල්ලන්ම හොඳින් දන්නා කාරණාවකි. ජනප‍්‍රිය රැල්ලේ ගීත නිර්මාණය සහ ගායනය සම්බන්ධයෙන් දිමංක මෙලෙසින් අදහස් දැක්වීය.


 ‘ආදරේ ගැන විරහව ගැන මම කියන්නේ සරල වචන වලින්. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් කියන්නේ ඒවා අඬන සින්දු කියලා. හැබැයි අපිට බැන බැන අපේ නිර්මාණ රස විඳින ගොඩක් දෙනෙක් ඉන්නවා. රසිකයින්ගේ  හදවතට දැනෙන නිර්මාණ තමයි අපි කරන්න ඕනේ. මට ශාස්ත‍්‍රීය ගීත ගායනා කරන්නත් හැකියාව තියෙනවා. මේ ගීත වගේම ඒ නිර්මාණත් පේ‍්‍රක්ෂකයන් කැමැත්තෙන් වැළඳ ගනී කියලා මට විශ්වාසයි. මට ඕනෑම විදියකට ගීත ගායනා කරන්න පුළුවන්. මගේ හඬ ගැන මට විශ්වාසයි..


 ජනප‍්‍රියත්වයට පත් වීමට නම් ගායනය සමඟම තවත් බොහෝ දෑ ඉගෙන ගත යුතුව ඇති බව දිමංක පවසයි. ගෙවූ වසර දහයකට ආසන්න කාලයක තුළ ජනප‍්‍රිය තරුවක් වීමට මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කළ අයුරු ඔහු සිහිපත් කරයි. කෙසේ වෙතත් මේ විට දිමංකට සංගීත සංදර්ශන වේදිකාවටද ඉහළ ඉල්ලූමක් ඇත.


 ‘කාලයෙන් කාලයට ටෙ‍්‍රන්ඞ් වෙන වෙනස් ගීත මගේ නිර්මාණ අතරට එකතු කර ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව. ජනප‍්‍රියත්වය පවත්වා ගන්න නම් අනිවාර්යයෙන් රසිකයන් කැමති” ඔවුන්ගේ


 හිත ඉල්ලන නිර්මාණ බිහි කළ යුතුයි. එහෙම නැත්නම් මේ ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රියත්වය රැුක ගන්න බෑ. ඉදිරියේදීත් අලූත් තේමාවලින් අලූත් විදිහේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ගීත රසවිඳින ඒවාට ප‍්‍රතිචාර දක්වන සියලූ දෙනාට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අලූත් නිර්මාණය රස විඳලා ඒ ගැනත් අදහස් දක්වන්න කියලා මම මගේ රසිකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා..



 නිරෝෂා වාසල