නිවුස් බලලා මිනිස්සු පුටුවෙන් නැඟිටින්නෙ පපුවට ගිනි අවුළුවාගෙන - සුරංග සතරසිංහ

Tuesday, September 07, 2021 , 0 Comments




සමාජයේ දුර්ගුණ, දුර්මතවලට සිනාසී ටොකු අනින, උත්ප්‍රාසය හා උපහාසය එකිනෙකට කැටිකොට, එකට හින්දන ඔහු අපූරු ප්‍රහසන රංගන ශිල්පියෙකි. එයින් නොනවතින ඔහු චරිතාංග කුලයේ දැවැන්තයෙකි. සුරංග සතරසිංහ අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


කොහොමද මේ දවස්වල ජීවිත්තේ?


මේ දවස්වල ජීවිතේ අපිට ඕන විදිහට ගෙවන්න බැහැ. කොවිච් විසින් අපව මෙහෙයවන විදිහට ජීවිත වෙනස් කරගෙන පරිස්සමෙන් කාලය ගෙවනවා. වසංගත තත්වය අපව පාලනය කරගෙන අප වසංගත තත්ත්වය පාලනය කරගෙනයි මේ දිනවල සිටින්නේ.


වසංගත තත්ත්වය තුළ ඇති වූ අපහසුතාව කලාකරුවෙක් විදිහට ඔබට දැනුණේ කොහොමද?


වසංගත තත්වය කලා ක්ෂේත්‍රයට පමණක් සීමා වූවක් නොවේ. සියලුම ක්ෂේත්‍රයන්ට එය එක සෙයින් බලපෑම් කළා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ලෙස ආහාරපාන, ඇදුම්  පැලඳුම්, අධ්‍යාපනය සෞඛ්‍ය ආදී අංශයන් දක්වන්න පුළුවන්. එහිදී විනෝදාස්වාදය  පවතින්නේ අවසන් අදියරය තුළයි. ඒ නිසාම මිනිසුන්ට මුලින්ම ගිලිහෙත් එකී ක්ෂේත්‍රයයි. එහිදී පළමුවෙන්ම පිටත රූගත කිරීම් නැවැත්වීමට සිදුවුණා. එකී නීතියෙන් පිට පැනපු ගොඩක් කලාකරුවන්ට මෙම වසංගත තත්ත්වයේ ගොදුරු බවට පත් වීමට  සිදුවුණා. මමත් මේ වසංගතයේ කොටසක් වී අසීරුවෙන් ජීවිතය ගොඩදාගත්තා. මේ කාලයේදී මිනිසුන් සිටින පීඩාකාරී තත්වයෙන් ඔවුන් මුදාගැනීමට කලාකරුවන් විදිහට අපට හිමි වී තිබෙන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක් පමණයි. එහි වඩාත් ඵලදායි ක්‍ෂේත්‍රය අන්තර්ජාලය භාවිතය. ඒ නිසා කධභබචජඥ ඩචදඤඥත එකක් හරහා මිනිස්සුන්ගේ රසාස්වාදය සඳහා කටයුතු කරන්න අපි පටන් ගත්තා.


ප්‍රහසන අත්‍යවශ්‍ය වූ යුගයක එකී ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණ බිහි නොවන්නේ

ඇයි?


මේ යුගය ප්‍රහසනය මුල් වූ නාට්‍ය බිහි නොවීමට හේතුව කලකට ඉහතදී ප්‍රහසන මුල් වූ නාට්‍ය බහුලව බිහි වීමයි. බොහොමයක් නාළිකාවල අවම වශයෙන් ප්‍රහසන නාට්‍ය දෙකක්  හෝ තුනක් කලකට ඉහතදී විකාශය වුණා. ඒ නිසා නාළිකා ප්‍රධානීන් කොමඩි රැල්ල ඇති කියා තීරණය කරන්න ඇති. නමුත් මේ වන විට ප්‍රහසන නාට්‍යවල ලොකු අවශ්‍යතාවක් සමාජය තුළ පවතිනවා. අද ප්‍රවෘත්ති අහලා මිනිස්සු පුටුවෙන් නැඟිටින්නේ පපුවට ගින්දර අවුළුවාගෙනයි. දිනයක මියයන මිනිසුන්ගේ ප්‍රතිශතය, වැඩ වර්ජන,  උද්ඝෝෂණ, දූෂණ ආදී තත්ත්වයන් නිසා නිවුලින් ඉතුරු කරන්නේ වේදනාව විතරයි. ඉන් පස්සේ බලන නාට්‍යයේත් තියෙන්නේ පවුල් ප්‍රශ්නයක්, පවුලේ ආරවුලක් නැත්නම් දරුණු සමාජ අර්බුදයක්. ඒ නිසා නිවුලින් පසුව කෙටි ප්‍රහසන නාට්‍යයකට හෝ මේ කාලයේ ඉඩ වෙන් වෙනවා නම් ගොඩක් වටිනවා.


නාළිකාවල ඊඪථඥ ඡඥතබවල ඉඩක් නොලැබීමෙන් බොහෝදෙනා නිර්මාණකරණය අත්හැරලා නේද?


සහතික ඇත්ත. එයට ප්‍රධානතම හේතුව විදේශ රටවල නාට්‍ය අපේ නාළිකාවල විකාශය කිරීමයි. නමුත් අපේ කිසිම නාට්‍යයක් හෝ කිසිම චිත්‍රපටයක් වෙනත් කිසිදු රටක ප්‍රදර්ශනය වෙනවා ද කියන ප්‍රශ්නය ඒ සමඟම මතුවෙනවා. එසේ වෙනත් රටක අපේ නිර්මාණය විකාශය නොවුණට ඉන්දියාවේ නාට්‍ය විශාල ප්‍රමාණයක් අපේ රටේ විකාශය  වෙනවා. අපට අපේ නාට්‍යයක් විකාශය කිරීමට හැකියාව ඇත්තේ මේ රටේ පමණයි. එම අවස්ථාවත් අපගෙන් උදුරා ගැනීම විශාල අපරාධයක්. රටක කලාකරුවන් කියන්නේ ගහක පිපෙන මල් වගේයි. ගස ශක්තිමත්. එහි අතු පතරත් ශක්තිමත්. එහි මල් හරිම දුර්වලයි. නමුත් ඒ මල් අලංකාරයෙන් අගතැන්පත්. ජනතාවට රසය දෙන, ප්‍රිය දසුනක් වන්නේ කලාකරුවන්. ඒ නිසා ඔවුන්ව රැක ගැනීමේ වගකීම නාළිකා ප්‍රධානීන් සතු  වෙනවා.


චරිතාංග රංගන ශිල්පීන් ප්‍රහසනට යොමු වූ විට ඔවුන්ට නැවතත් ලැබෙන්නේ ප්‍රහසනය මුල් වූ නිර්මාණ පමණයි. එය ඔවුන්ට සිදුවන අසාධාරණයක් නේද?


එය විශාල අපරාධයක් වගේම අසාධාරණයක්. ප්‍රහසන නළුවෙක් හා චරිතාංග නළුවෙක් ලෙස දෙකොටසකට වෙන්කිරීමත් ලොකු වරදක්. ද ප්‍රහසන රංගන ශිල්පියකුට ඕනෑම සංකීර්ණ චරිතයක් කිරීමට හැකියාව තියෙනවා. එයට හොඳම උදාහරණය ජෝ අබේවික්‍රම මහත්මයා. ඔහු මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ප්‍රහසන රංගන ශිල්පියෙක් විදිහට. නමුත් වැලිකතර චිත්‍රපටයේ අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ රංගනය අභිබවා ජෝ මහත්මයා රඟපෑ බව ෆොන්සේකා මහත්මයාම දිනක පවසා තිබෙනවා. ප්‍රහසනය නැමැති අසිරු කර්තව්‍යය කළ කෙනකුට සංකීර්ණ චරිත හරිම ලේසියෙන් රඟපාන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට ප්‍රහසනයට කොටු කිරීම විශාල අපරාධයක්.



ජීවිතය ආපස්සට යන්න වරමක් ලැබුණොත් නිවැරැදි කරගත යුතු දෙයක් ගොඩනඟා ගත යුතු දෙයක් තියෙනවද?


අනිවාර්යයෙන්ම ගොඩනඟාගත යුතු දේ බොහොමයි. රංගනයේදී වගේම පිටපත් රචනයේදී හැදෑරීම කියන දේ අත්‍යවශ්‍යයි. විවිධ භාෂාවන් කතා කරන්න පුළුවන් නම් කියා මට සිතුණු වාර අනන්තයි. එවිට රංගනය කියන මහා සාගරයේ මට ලෙහෙසියෙන් පිහිනා යන්න පුළුවන්. මට ජීවිතයේ ආපස්සට වරමක් ලැබුණොත් මං බොහෝ දෑ පිළිබඳව පුළු හදාරනවා. කලාව කියන්නේ අඳ බාලයගේ විෂයක් නෙමෙයි. දැනුවත් බුද්ධිමත් වූවන්ගේ ක්ෂේත්‍රයක්. එවිටයි අපෙන් රසිකයන්ටත් බුද්ධිමය දෙයක් උකහා ගත හැකි වනේ.


වෘත්තීය ජීවිතය තුළ තෘප්තිමත්ද?


ගොඩක් තෘප්තිමත්. මගේ වෘත්තීමය ජීවිතය තුළ මං මිනිස්සුන්ට ලබා දුන්නේ සතුට පමණයි. මං දුන් සතුට රසිකයන් පිළිගත් බව ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලියි. ඒ නිසා ගොඩක් තෘප්තිමත්.



නිෂ්පාදන, අධ්‍යක්ෂණ කාර්ය තුළ ඔබගේ සාර්ථකත්වය?


අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කාර්යය සිදු කළා. ඒ වගේන්ම අධ්‍යක්ෂණ කාර්යයත් කළා. එහිදී මං අත්විඳි අවාසනාවන්ත සිදුවීම බජට් එකකට නිර්මාණය සීමා කිරීමයි. කෝටියක් වියදම් කළ යුතු නිර්මාණයකට අප වියදම් කරන්නෙ ලක්ෂ විසිපහක් තිහක් පමණයි. මොකද එවන් වියදම් අධික නිර්මාණයක් කළත් එම මුදලට ආසන්න මුදලක්වත් අපට උපයන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හොඳ නිර්මාණයක් කරලා දුප්පත් වෙන නිසා අප එවැනි නිර්මාණකරණයකට පෙලඹෙන්නේ නැහැ. දක්ෂතාවයෙන් පිරිපුන් නිර්මාණකරුවන් සිටියත්, තාක්ෂණයෙන් දියුණු වුවත් හොඳ නිර්මාණයක් කරන්න තරම් පොහොසත් ආර්ථිකයක් තවම බිහි වී නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ ජීවිතය මං කරපු හොඳම නිර්මාණය මගේ පුතා. පොළොවේ පය ගහලා ඉන්න හොඳ දරුවෙක් මමයි මගේ බිරියයි ගොඩනැඟුවා. අප ඉතිරි කරගත්තේ ඒ ආයෝජනය පමණයි. ලොකු සම්පත්, අනවශ්‍ය සැප හොයන්න දැන් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ'


පුතා කලාවට යොමු වීම ගැන ඔබ සතුටුද?


මං ඔහුට කිසිම දිනක කලාවට යොමුවීමේ පාර පෙන්නුවෙ නැහැ. ඔහු ඔහුගේ මාර්ගය ගොඩනඟා ගත්තා. ඒ නිසාම මටත් වඩා මගේ පුතා ඒ මාර්ගයේ සාර්ථක ගමනක් යාවි යැයි මං විශ්වාස කරනවා.