මට ප්‍රේම සම්බන්ධයක් තිබුණා, ඒක දැන් නැහැ - සචින්තනී කෞශල්‍යා

Thursday, September 09, 2021 , 0 Comments






ඇයගේ නම සචින්තනී කෞශල්‍යා. සචින්තනී මේ දවස්වල ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. නාට්‍යයේ නම කියාදෙන්න ආදරේ තරම්. සචින්තනී නාට්‍යයේ රඟපාන්නේ දිගැසි කියන ප්‍රධාන චරිතය. මේ ඇගේ වතගොත ගැන ෙමලස පුවත්පතකට පවසා තිබුනා..

 


සචින්තනී ඔබ රඟපාන්න එන්නේ කොහොමද කියලා මුලින්ම දැනගන්න කැමතියි?


ඉස්කෝලේ යන කාලේ මම හරි දක්ෂයි නැටුම් කරන්න. මම නැටුම් පැත්තෙන් බොහෝ හැදෑරුවා. ඒ අතරතුරදී පාසලෙන් අයින් වෙලා 2015 විතර රන්වල බළකාය එක්ක සම්බන්ධ වෙනවා. මම තවමත් රන්වල බළකාය ඉන්නවා. 2017 වසරේ රූපවාහිනී අවුරුදු කුමාරි තරගයෙන් අන්තිම දොළොස්දෙනා අතරට ආවා. ඔය අතරතුරදී මාව කැම්පස් සිලෙක්ට් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මම දැනට ඉගෙන ගන්නේ. 2019 වසරේ හිරු අවුරුදු කුමරි තරගාවලියෙත් අන්තිම දොළොස් දෙනා අතරට ආවා. ඉන් අනතුරුව මට මුතු ලෙන්දොර නාට්‍යයේ සිතූ කියන චරිතය ලැබුණා. ඒ නාට්‍යය විකාශය වුණේ දෙරණ නාළිකාවේ. ඉන් අනතුරුව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ධවල රාක්ෂ කියන නාට්‍යයේ දෙමළ චරිතයක් සඳහා ආරාධනා ලැබුණා. ඒ නාට්‍යය නම් තවම විකාශය වුණේ නැහැ. ප්‍රධාන චරිතයක් කියලා කරන්නේ මේ දිගැසි කියන චරිතය තමයි. චරිතයට මට ආරාධනා කළේ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක අයියා.


 


දිගැසි කියන්නේ මොන වගේ චරිතයක්ද?


දිගැසි ජීවත් වෙන්නේ රෙදි මෝල වත්ත කියන ප්‍රදේශයේ. ඒක එක ළඟ ගෙවල්, අර අපි කියන්නේ පේළි ගෙවල් කියලා. අන්න එහෙම ප්‍රදේශයක්. දිගැසි හරි දක්ෂයි ඉගෙන ගන්න. ඒ වගේම එයා කටකාර චරිතයක්. දිගැසි ප්‍රධාන පෙම්වතියන් දෙදෙනාගෙන් එක් කෙනෙක්.


 


කොහොමද මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම ඉතාමත් හොඳයි. ප්‍රතිචාර සෑහෙන්න ලැබෙනවා.


 

දිගැසි චරිතය රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?


ඇත්තටම අපි ටෙලිනාට්‍යය රූපගත කිරීම් කළා සංචරණ සීමා තිබුණු කාලයේදිත්. එක්තරා අවස්ථාවකදී පාරක රඟපාන්න ඕනෑ දර්ශනයක් තිබුණා. ඒකට ලැහැස්ති වෙලා ඉන්නකොට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපිට බැනගෙන බැනගෙන ගියා, මාස්ක් නැහැයි කියලා. මම හොඳටම බය වුණා ඒ බැනපු බැනිල්ලට. අපි ඔහුට පැහැදිලි කළා මෙතැන රූපගත කිරීමක් වෙනවා කියලා. එතකොට තමයි ශේප් වුණේ. ඔය සිදුවීම මට අමතක වෙන්නෙ නැහැ.


 


සචින්තනී මේ වන විට ඔබ පෙම්වතියක්ද?


නැහැ, ප්‍රේම සම්බන්ධයක් නම් තිබුණා. ඒක දැන් නැහැ.


 

ඔබට දිගැසි වෙනුවෙන් ආදර දර්ශන ගොඩක් ඉදිරිපත් කරන්නත් ඇති?


ඇත්තටම ඔව්. මං මේ වෙලා මතක් කරන්න ඕනේ මගේ පෙම්වතාට රඟපාන අයියව. ඔහු මට ගොඩක් ලොකු සහයක් වෙනවා ඒ වගේ දර්ශන කරන්න.


 

දැන් නීති ශිෂ්‍යාවක් විදිහට විශ්වවිශ්වවිද්‍යාලයෙ අධ්‍යාපනයෙන් පසුව ඔබ මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ?


ඇත්තටම මේ රංගනය දිගටම කරනවා. ඊට අමතරව මම නීතිඥවරියක් විදිහට වැඩ කරන්න සූදානමින් ඉන්නෙ. මනෝවිද්‍යාත්මක උපදේශකවරියක් විදියටත් මම කටයුතු කරන්න ඉන්නවා. ඒ වෘත්තීන් කළාට රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ.


 

ඔබගේ ගම්පළාත සඳහන් කළොත්?


මම කිරිබත්ගොඩ.


 

ඉගෙන ගත්ත පාසල?


කිරිබත්ගොඩ විහාර මහා දේවි විදුහල.


 

උපන්දිනය?


1997 මැයි19.


 

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?


මම හරි සරල කෙනෙක්.


 ප්‍රසාද් සමරතුංග