මම රඟපානකොට අප්පච්චිව පේනවා නම් ඒක ජානමය කාරණාවක් - සජිත ඇන්තනි

Wednesday, July 14, 2021 , 0 Comments





කලා ක්ෂේත්‍රය පුරාම අක්මුල් විහිදුණු දැවැන්තයකු වූ ජැක්සන් ඇන්තනියගෙ රංග ආභාෂය ලේ උරුමයෙන්ම හිමි වූ ඔහු ජැක්සන් ඇන්තනියගේ යග් වර්ෂන් එක ලෙසද හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. මේ දවස්වල හැමෝම ඔහුව හර්දේදුන්වන්නේ නාඩගම්කාරයෝහි සරා ලෙසයි. සජිත ඇන්තනි  ඔහුගේ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.



කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දවස්වල එතරම් සුබදායි තත්වයක් නැහැ. ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් පවතින මේ වගේ මොහොතක කලාකරුවන් ලෙස අසීරු තත්වයකයි අප සැවොම සිටින්නේ. එකී පරිසරයට හැඩගැසීම තුළ කාලය ගෙවනවා.


කලා කටයුතු කොහොමද?


මේ දවස්වල මං ජනතාව අතර සිටින්නේ නාඩගම්කාරයෝ හි සරා විදිහට. එහි රූගත කිරීම් සිදු කරනවා. නලින් පෙරේරා සංගීතඥයාගේ තනුවකට කළ මගේ අලුත්ම ගීතය නුදුරේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේන්ම චිත්‍රපට හතරක හා නාට්‍ය තුනක ඉදිරියේදී මාව දකින්න ලැබේවි.


කලා ක්‍ෂේත්‍රයේ ඇසූ පිරූ තැන් ඇති ජැක්සන් ඇන්තනි ශ්‍රේෂ්ඨ කලාකරුවාගෙන් ඔබේ රංගන ජීවිතයට ලැබුණේ මොන වගේ පන්නරයක් ද?


ජැක්සන් ඇන්තනී පවුලේ ඉපැදීම සම්බන්ධයෙන් මං දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්නද, දෙවයට ස්තූතිවන්ත වෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ. කලාව ගැන හදාරන්නකුට අපේ පවුල පාඨශාලාවක් වගෙයි. අම්මගෙන් ලැබුණු ගායනා ආභාසය අප්පච්චිගෙන් ලැබුණු රංගන කෞශල්‍ය සමඟ පුංචි කාලේ පටන්ම කලාවට පිවිසෙන්න මට ලොකු උත්තේජනයක් ලැබුණා. වේදිකා නාට්‍යයක අප්පච්චි රඟපානකොට ඔහුට ලැබුණු අත්පොළසන් නාදයේ උත්කර්ෂය පුංචි කාලෙදීම මටත් දැනුණා. කලාව තුළ මං ඉදිරියට ගමන් කර තිබෙනවා නම් එහි ගෞරවය වැඩි ප්‍රමාණයක් අපට අයිතියි.


රංගනය තුළින් ඉදිරි ගමනක් යෑමට පවුලේ ආභාසය පමණක් ප්‍රමාණවත් කියා ඔබ හිතනවාද?


ඕනෑම ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යෑමට නම් කාරණා තුනක් සම්පූර්ණ විය යුතුයි කියා මා විශ්වාස කරනවා. ප්‍රථමයෙන්ම කුසලතාව තිබිය යුතුයි. කුසලතාවය ප්‍රගුණ කිරීමට අත්දැකීම් ලැබිය යුතුයි. ඒ වගේම කුසලතාවය ප්‍රායෝගිකව පුරුදු පුහුණු වීම තුළ එය ප්‍රගුණ කළ යුතුයි. කුසලතාවය මට හිමි වුණේ පියාගෙන් හා මවගෙන්. උප්පත්තියෙන් ලැබුණු කුසලතාවයේ ගෞරවය ඔවුන්ට නිතැතින්ම හිමිවෙනවා. ඒ වගේම ඒ කුසලතාවය  මුවහත් කර ගැනීම මහන්සි වී රංගන ව්‍යායාම කිරීම වගේම මිනිසුන් අතරට යෑමට මාත්  දැඩි වෙහෙසක් වගේම ප්‍රමාණවත් කාලයක් වැය කළා. මං කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව විශේෂවේදී උපාධියක් හැදෑරුවා. අබා චිත්‍රපටයෙන් පසුව කලා ක්ෂේත්‍රයේ මාව නොපෙනුනෙත් අධ්‍යාපනයට සම්පූර්ණ කාලය වැය කිරීමේ අවශ්‍යතාව නිසයි.


ඔබ ජැක්සන් ඇන්තනිව ෆලෝ කරනවද නැත්නම් ඔහුගේ රංග ආභාසය ජානමය වශයෙන් ඔබට හිමි වෙලාද?


 මං චරිතයක් නිරූපණය කරන කොට කලින් දැකපු චරිතයක් හිතාගෙන ඒ නිරූපණය  කරන්නේ නැහැ. පිටපත කියවලා එහි අන්තර්ගතය තුළින් පරිකල්පනය කරන චරිත  තුළයි මං ජීවත් වෙන්නේ. යමකුට මං රඟපාන කොට මගේ අප්පච්චි පේනවා නම් එය ජානමය කාරණාවක්. මං අම්මට කතා කරනකොට වුණත් අම්මා මගේ කටහඬට අප්පච්චි කියල රැවටෙනවා. මං ඇවිදින විධිය, කතා කරන විධිය අප්පච්චි වගේ කියලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා.


අතීතයට සාපේක්ෂව වර්තමානය තුළ කලාකරුවන්ව සහෘදයන්ගේ මතකයේ රැඳෙන්නේ ඉතාමත් අඩුවෙන්. එවැනි තත්වයක් ගොඩනැඟී තිබෙන්නේ ඇයි?


කලාව හා පුද්ගලයා අතර තියෙන සම්බන්ධය වර්තමානය වෙද්දී තරමක් දුරයි. ඒ නිසාම රසිකත්වය මේ වෙනකොට තරමක් වෙනස් වෙලා තියෙනවා. අප්පච්චි පවසනවා බයිස්කෝප් යුගය ගැන එකම චිත්‍රපටය හත්අට වතාවක් බලපු අවස්ථා වගේන්ම ප්‍රති වීරයා එනකොට තිරය කපපු අවස්ථා ගෙන ඔහු පවසනවා. එවැනි සාඩම්බර අතීතයක් පැවතුණත් වර්තමානයේ චිත්‍රපටයක් බලන්න චිත්‍රපට ශාලාවකට පැමිණෙන රසික පිරිස ඉතාමත් සීමිතයි. නමුත් මං විශ්වාස කරනවා කලාකරුවන්ට මතක හිටින චරිත බවට පවෙන නිර්මාණ තවමත් බිහි වෙනවා කියලා.


සරා කියන්නේ ඒකට හොඳම උදාහරශ්ණයක් නේද?


ඔව්. ඇත්තටම පසුගිය දවසක නාඩගම්කාරයෝහි සරාට පොලුවලින් පහර දෙන දර්ශනයක් තිබුණා. සරාට ආදරය කරන පුංචි දරුවෝ ඒ දර්ශනයෙන් පස්සේ කලබලයට පත් වෙලා වගේන්ම බියට පත්වෙලා. මවුපියෝ බොහොමයක් දෙනා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා. දරුවන්ගේ හිත හදන්න පොඩ්ඩක් එයාලට කතා කරන්න කියලා. මා වීඩියෝ කෝල් අරන් ඒ දරුවන්ට මං හොඳින් පුතේ කියලා කිව්වා. ඒ වගේම අමාරුවෙන් සල්ලි එකතු කරල ගත්ත ත්‍රීවීල් එකේ සරාගේ පින්තුරය ගහගන්න තරමට සරා ආදරණිය චරිතයක් බවට පත්වෙලා. ලෝකය කොතරම් යාවත්කාලීන වුණත් රසිකත්වය එලෙසින්ම පවතිනවා කියලා එතකොට මට හිතෙනවා.


තරු ගුණය පවත්වාගන්න ඔබ කරන ව්‍යායාම මොනවද?


තරු වර්ග කිහිපයක් ඉන්නවා. මම ව්‍යායාම් කරන තරු ගුණය රඳාපවතින්නේ බාහිර ස්වරූපය මත නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. එයට හොඳම උදාහරණය නාඩගම්කාරයෝ හි සරාගේ චරිතයට ජනප්‍රියම නළුවා සම්මානය හිමි වීම. කසිප්පු බොන දුප්පත් නහරකාරයෙක් වෙච්ච සරාට මිනිස්සු ආදරේ කරලා ජනප්‍රියම නළුවා සම්මානය දෙනකොට මට හිතුණ මිනිස්සු මට ආදරය කරන්නේ බාහිර ස්වරූපයට නෙමෙයි කියලා. ඒ නිසා මං සෑමවිටම ව්‍යායාම් කරන්නේ මගේ රංගන කෞෂල්‍ය වර්ධනය කර ගන්න, පරිකල්පන ශක්තිය වැඩිදියුණු කරගන්න වගේම නිරීක්ෂණය තුළින් චරිතවල ස්වභාවය හදුනාගන්න.


ක්‍රියේෂන් කියලා ආයතනයක් බිහි කළා. සිනමා නිර්මාණ, ටෙලි නාට්‍යය, වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ ආදී සෑම නිර්මාණයක්ම එහිදී කිරීමට බලාපොරොත්තු වෙනවා.  මේ වෙනකොට කළුවර කියන මගෙම ගීතයක රූප රචනාවක් වගේම නදීමාල්ගේ ආදරියේ ගීතයේ රූප රචනාව මගේ ආයතනයෙන් කිරීමට අවකාශ හිමි වුණා. 


චිත්‍රපට වගේම ටෙලි නාට්‍යවල පිටපත් රචනය මේ වෙනකොටම මං කරගෙන යනවා. ඒවා නිර්මාණයන් විදිහට දවසක පෙදාරට වැඩීමයි මගේ එකම සිහිනය.

පවුලේ විස්තර කොහොමද?


ආදරය, විවාහය, බැඳීම් මං ගොඩක් ගෞරව කරන සංකල්පයන්. ඒ ගෞරවනීය හැඟීම මං ඉගෙන ගත්තෙ අපේ පවුලෙන්. මගේ පවුලේ අම්මා, අප්පච්චි, අක්කා, අයියා ඉන්නවා.  මේ වෙන කොට එය විස්තෘත පවුලක් බවට පත්වෙලා. මට බුවීව වත්ම අයියට එමි අක්කාව අරණ්‍ය චූටි දුවවයි ලැබුණා. අක්කට මිලාන් අයියව ලැබුණා. පවුලේ සංස්කෘතිය විශාලනය තුළ එය තවත් ශක්තිමත් වුණා කියලා මට හිතෙනවා.


කලා කටයුතුවලට බුවීගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


පියා මෙන් ඔබත් අනාගතයේදී පිටපත් රචකයෙක් ලෙස කලඑළි බසීවිද?

ඔව්. මං ගොඩක් කැමතියි පිටපත් රචනයට. එනිසාම මගේ නිර්මාණකරණයට මං සර් සමහරක් වෙලාවට මටත් වඩා මාව ඇයට දෙනවා. ඒ වගේම බුවී මට ලැබුණු දා පටන් මගෙ නිර්මාණකරණයෙත් ලොකු දියුණුවක් ඇතිවුණා.