දිගටම රඟපාන්න බලාපොරොත්තුවක් නැහැ - හංසිනී විමසිරි

Monday, July 05, 2021 , 0 Comments




ඇය ගායනය තුළින් කලාවට අත්පොත් තැබූ තැන්තියක්. ගායනය තුළින් උසස් අධ්‍යාපන සුදුසුකම් විවරකරගත් ඇය මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ නමක් රැඳවීමට සමත් වූවාය. සංගීතේ ටෙලි නාට්‍යයේ නිෂාදි ටීචර්ගේ චරිතයට පණ පොවමින් රංගනයට වරම් දිනාගත් ඇය හංසිනී විමසිරි වන්නීය. ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය නිෂාදි ටීචර්ව අැෙග් අලුත් විස්තර ගැන ෙමලස විස්තර පවසා තිබුනා.


කොහොමද හංසිනි ඉති?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.


සංගීත්තේ ටෙලි නාට්‍යයේ නිශාදි ටිචර්ට මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේන්ද?

අනේ ඔව්. ලොකු කුඩා හැමෝන්ගෙන්ම නිශාදි ටිචර්ට ආදරය ලැබෙනවා.


හංසිනි මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ ගායිකාවක් වශයෙන්. ඒ ගැන මතක් කළොත්?

ඔව්. මම 2017 වසරේදී පැවැති රියැලිටි තරගාවලියක 07 වැනි අදියරයට සහභාගි වුණා. එහිදී මට අවසන් 09 දෙනා අතරට එන්න වාසනාව හිමිවුණා.


එතකොට හංසිනීට රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

තරගයෙන් අනතුරුව දිලූක ප්‍රසාද් ගුණතිලක මහතාගේ 'නික්ම යෑම' කියන පෝය ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණා. එහිදී මට ඩීස් ස්ටාර් කෙනෙක්ම වෙන දිනූෂා දිසානායක අයියා එක්ක තමයි රංගනයේ යෙදෙන්න තිබුණේ. ඉන් අනතුරුව "ගිරිදුර්ග' සහ 'හසුන' කියන ටෙලි නිර්මාණයන්වලට සම්බන්ධ වුණා. මෙම ටෙලි නිර්මාණයන්ගෙන් එකක් හොඳම ටෙලි නිර්මාණයට හිමි සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඒ වගේත්ම දැනට මගේම කියලා ගීත නිර්මාණ 3ක් සිදුකරලා තියෙනවා.


ඔබගෙන්ම ගීත නිර්මාණයන් එළි දැක්වුයේ නැද්ද?

"සංගීතේ' ටෙලි නිර්මාණය වෙනුවෙන් ගීත 2කට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. තව ඉදිරියේදී දුව සම්බන්ධයෙන් නිර්මාණය වූ ගීතයක් නිර්මාණය කළා.


හංසිනීට නිෂාදි ටීචර් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

'සංගීතේ' ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ  මහතාගේ ආරාධනාව මත. එහිදී මට 'නිෂාදි ටීචර්' කියන ගුරුවරියකගේ චරිතය තමයි ලැබුණේ.


නිශාදිට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ඇත්තටම නිර්මාණය කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත් සංගීතේ ටෙලි නිර්මාණය නිසා සහ බබාගේ වැඩකටයුතු නිසා දැනට ඉතාම අඩුවෙන් තමයි නිර්මාණවලට දායක වෙන්නෙ.


හංසිනීට රංගනය තුළින් ඉදිරියට යන්න අදහසක් නැද්ද?

ඇත්තටම එහෙම දිගටම රංගනයට සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් නම් නැහැ. නමුත් ඉඩ ලැබෙන විධියට හොඳ නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.


පාසල් කාලය සහ පවුලේ විස්තර ගැනත් මතක් කරමු නේද?

පාසල් ගියේ දෙඹරවැව ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයට සහ දෙඹරවැව මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළින් පසුව මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරී පත් වුණා.


මගේ පවුලේ විස්තර කියනවා නම් මගේ පවුලේ අම්මා, තාත්තා, අයියලා තුන්දෙනෙක් ඉන්නවා. මම විවාහකයි. ඔහුත් කලා ක්ෂේත්‍රයේම කෙනෙක්. මට සුරතල් කුඩා දියණියක් ඉන්නවා. ගම තිස්සමහාරාමය.


අනාගත බලාපොරොත්තු ගැන මතක් කළොත්?


මම ඇඳුම් මෝස්තර නිර්මාණකරණයට ගොඩක් ආසයි. ඒ නිසා ඒ පිළිබඳව හදාරමින් ඉන්නවා. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඒ පැත්තෙන් මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන එක.