ගයත්‍රි ඩයස්ගේ මව කොවිඩ් ආසාදිතව මිය යයි

Wednesday, June 16, 2021 , 0 Comments




කොවිඩ් වෛරසය ආසාදිත වීමේන් ජනප්‍රිය රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මියගේ මව මියගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේ අනුවේදනීය සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. එහි මෙසේ සඳහන් කර තිබේ.


2021 ජුනි 13 වන දින මගේ ආදරණීය මව කොරෝනා වෛරසය හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ඇයට හෘද රෝගයක් තිබුණි.  හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඇය රෝහල්ගත කෙරිණි. ඇය සෙමෙන් සුවය ලබමින් සිටියදී ඇයට හෘදයාබාධයක් ඇතිවිය. අතිශයින් කරුණාවන්ත හා ත්‍යාගශීලී වූ මාගේ ලස්සන මව දැඩි සත්කාර ඒකකයේ දී අභාවප්‍රාප්ත විය. ඇයව ආදාහනය කිරීම සඳහා පැය කිහිපයක් ඇතුළත රැගෙන ගියාය. මගේ මවට නිසි සමුගැනීමක් කිරීමට නොහැකිවීම දවසේ සෑම තත්පරයකම මාව කාලකණ්ණි කරයි.


අද මම මේ කතාව බෙදාගන්නේ අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට යග තුන්වන රැල්ල පළමු තරංග දෙකට වඩා නරකය. දිනපතාම මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. අවසානයේදීල මගේම මව තෙවන කෝවිඩ් රැල්ල විසින් ගනු ලැබීය. ඔබගේ ආදරණීයයන්ට මෙම මාරාන්තික රෝගයට නිරාවරණයවීමට ඉඩ නොදෙන්න.