කවුරු වුණත් වෙනසකට කැමති - සංජනා ගමාරච්චි

Wednesday, June 09, 2021 , 0 Comments




‘හිරු' රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන “දිවිතුරා' ටෙලිය බොහෝ දෙනෙකු අතර අසීමිත ජනප්‍රියත්වයට බඳුන්වා තිබෙනවා.  සොඳුරු රුවැත්තියක වූ ඔනාලි සංජනා ගමාරච්චිද එහි ප්‍රධාන චරිත  නිරූපණයක් හරහා ප්‍රේක්‍ෂක සිත්සතන් වෙත සමීපව සිටිනවා.  සංජනා ගමාරච්චිට   පුවත්පතක් සමඟ  අලුත් විස්තර මේ විදියට පවසා තිබුනා .



අලුත් තොරතුරු එහෙම කොහොමද සංජනා?

 වරදක් නැහැ. සතුටින් ඉන්නවා. කොරෝනා උවදුර මැද රූගත කිර්මවලටද සහභාගි වෙනවා.


අලුත් නිර්මාණ සඳහා ඇරැයුම් ලැබුණු බව ආරංචියි?

ඔව්... තවමත් නමක් තබා නැති ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. කොරෝනාවෙහි තද අවදානම සමතයකට පත්වූවහාම ඒ සඳහා දින වකවානු ලැබෙන්නට ගනීවී.


තිරපිටපත අතට ලැබුණම ඔබ එහි යම් කරුණු ගැන සැලකිලිමත් වෙනවලු? 

ඔව්... ලැබෙහෙම යොවුන් චීයේ දඟකාර චරිත නිරූපණයන්. ඉතින් ඒ ඒ චරිතවල ඇඳුම්, පැළඳුම් සහ සමහර දර්ශන ගැන ටිකක් හිතන්න වෙනවා.



ගෙදර කට්ටියටත් තිර පිටපත පෙන්නලා අදහස් ගනෙ ඒ නිසාද? 

හැමවිටම මම පවුලේ අයගේ අදහස් ගැන විමසිලිමත් වෙනවා. එයාලා අදාළ චරිතය ගැන කියන්නේ මොනවාදැයි කියන කාරණය මට ඇත්තෙන්ම හරි වැදගත්.


ඔබේ පෙම්වතාගේ අදහස් එතැනට වැදගත් නැතිද සංජනා.?

ගොසිප් එකක් හොයා ගන්න නේද ඔයාලා ඔය ඉව අල්ලන්නේ, පැහැදිලි උත්තරය නම්... මට තවම පෙම්වතෙක් නැහැයි කියන එකයි.


පෙම් සබඳතා සඳහා ඔබට ලැබෙන ඇරැයුම් අසීමාක්තිකයිලු?

ඒක නම් අමූලික බොරු.. අසීමාන්තිකව නම් එහෙම යෝජනා එන්නේ නැහැ. සාමාන්‍ය විදියට යෝජනා කිහිපයක් ආවා. හැබැයි මම ඒ ගැන උනන්දු වුණේ නැහැ තවම.


විවාහ යෝජනා අරගෙන ගෙදරට ආව අයත් ඉන්නවලු නේද සංජනා?


 ඔව්... එහෙම දේවල් ඉතින් ඕනෑම තරුණ නිළියකට සිද්ධ වෙනවා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි මං හිතන්නෙ .


ඒ එක විවාහ යෝජනාවකටවත් ඔබේ හිත ගියේ නැතිද තවම?

 නැහැ. තවම මම එහෙම දේවල් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. විවාහය සඳහා කෙනෙකු තෝරා ගැනීම ටෙලිනාට්‍යයක ගිවිසුමක් අත්සන් කරන තාලයට කරන්න බැහැනෙ. අවැසි කාලයට මට හිමි කෙනා පැමිණේවි. ඒ නිසා ඒ කාරණය ගැන ඕනෑවට වඩා ඔළුවට ගන්නෙ නැහැ.



පළමු පෙම’ අහිමිව ගිය නිසා ඔබ පෙම් සබඳතාවලට බයයි දැයි ඇහුවොත්?


පළමු පෙම මා හැරගිය කාරණය ශෝකාන්තයක් තමයි. හැබැයි මම නැවැත එවැන්නකට මැදි නොවන්නට එය හේතුවක් නෙවෙයි. මම හිතන්නේ මගේ හිතට හරි යන අය මට තවම මුණගැහුණ නැහැ.



පළමු පෙම ඔබව හැර ගියේ ඔබ රංගනයට අවතීර්ණ වූ හේතුවටද? 

මම හිතන්නේ අපි ඔය කාරණයට දැන් තිත තිබ්බොත් හොඳයි කියලයි. මම ඒ හැමදේම අතීතයට බාර දී අවසානයි.


හැමදාමත් ඔබට ලැබෙන්නේ දඟකාර යොවුන් චරිත, වෙනසකට කැමැති නැතුවද? 

වෙනසක් සිදුවන තුරු පුලපුලා බලා ඉන්නවා. තරමක් හෝ සංකීර්ණ චරිතයක් සඳහා යම් නිර්මාණකරුවකු මට ආරාධනය කරන තුරු මම බලා සිටින්නේ නොඉවසිලිමත් ආශාවකින්.


ඒ සංකීර්ණ චරිත ස්වභාවය කෙසේ විය යුතු දැයි යන රූපයක් ඔබේ යටි හිතේ ඇදී තියෙනවද? සංකීර්ණ චරිත කිහිපයකම රූප රාමු මා සතුව තිබෙනවා. එයින් එකක් වන්නේ රැඩිකල් විදියට හිතන, පතන සරල කෙල්ලකගේ ගුප්ත ස්වභාවයක චරිතයක්.


එවැන්නකට කැමැති හේතුවක් තියෙනවද? 

මෙහෙමයි... සාමාන්‍ය චරිතයනට වැඩිය යම් අසාමාන්‍ය චරිතයනට ප්‍රේක්ෂකයන් හරි ඉක්මනට සමීප වෙනවා. ටෙලිනාට්‍යය විකාශනය වී කාලයක් ගියත් ඒ චරිත ඔවුනට මතක හිටිනවා. මට හිතෙන හැටියට නළුවෙකුට හෝ නිළියකට යම් ප්‍රතිරූපයක් දිගුකාලීනව හදා ගන්නට යම් සංකීර්ණ චරිත ස්වභාවයක්ද අවශ්‍යයයි. මොකද... අපි කවුරු වුණත් වෙනසකට ඇල්මක් දක්වන නිසයි.