ඔබේ දරුවන් බඩගින්නේ නම් ම කැමතියි එක දරුවෙක්ගෙ හරි කුස පුරවන්න - අභිෂේකා විමලවීර

Wednesday, June 09, 2021 , 0 Comments

 



රටේ පවතින සංචරණ සීමා හේතුවෙන් මේ වනවිට බොහෝ පිරිසක් අසරණ තත්වයට පත් වී සිටිනවා. රැකී රක්ෂාවලට යෑමට නොහැකිව තම දරුවන්ගේ කුසගිනි පිරවීමට  නොහැකි විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට හැකි අයුරින් සරණක් වීමට තමන්ට හැකි බව ගායනවේදිනී අභිෂේකා විමලවීර පවසනවා. ඇගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් ඇය ඒ පිළිබඳව මෙලෙස පවසා තිබුණා.



"මම දන්නෙ නෑ මේක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියල. ඒත් මේ මොහොතේ රටේ තත්ත්වය නිසා ඔබේ දරුවන් බඩගින්නේ නම් මම කැමතියි එක දරුවෙක්ගෙ හරි කුස පුරවන්න.ඔබ ඉන්නේ මට එවන්න පුලුවන් දුරක නම් ඔබේ ලිපිනය සහ දුරකතන අංකය සටහන් කර මේ අංකයට කෙටි පණිවිඩයක් එවන්න. මම ඉන්නෙ බොරැලෙ. (0750598993) කරුණාකර මගේ පෞද්ගලික අංකයට හෝ ඉන්බොක්සි එකට එවන්න එපා..හැමෝටම බැරිවුනත් පුළුවන් තරමකට මම උදව් කරන්නම්.මට තියෙන ලොකුම ප්‍රශ්න ප්‍රවාහනය.ඒ වෙනුවෙන් උදව් කරන්න කෙනෙක් ඉන්නව නම් දන්වන්න.ස්තූතියි.


අභි !