දෙවැනි ඉනිමෙන් ඉස්කෝලේට ගිය වෙද මාමාගේ එකම දුව

Tuesday, June 01, 2021 , 0 Comments




දෙරණ 2020 අවුරුදු කුමරිය තරඟයේදී අවසන් වටයෙන් පසුව ඇයට කලාවට මඟ පෑදෙන්නීය. ඒ දෙරණේ ජනපි‍්‍රයතම ටෙලිනාට්‍යයක් වන “දෙවෙනි ඉනිමේ”හි වෙද මාමාගේ එකම දුව ලෙස රංගනයට අවස්ථාව ලැබී මෙනි. අනතුරුව ඇයට දෙරණේ අලුත්ම ටෙලි නාට්‍යයක් වන “ඉස්කෝලේ” හි ප්‍රධාන චරිතයක් ලැබුණි. එහි එන අනඟි හෙවත් මාළු කපිලගේ ලොකු දුව ලෙසයි. ඇය මේ දිනවල අපේ ආලින්දයට එක්වන්නීය. නව යොවුන් වියේ පසුවන නවක රංගන ශල්පීනී හිරුෂි පෙරේරා ඇයෙග් කලා කටයුතු ගැන සහ පුද්ගලික ජිවිතෙය් ෙතාරතුරු ගැනත් ෙමලස පුවත්පතකට පවසා තිබුනා.


 

ආධුනික රංගන ශිල්පිනියක් නිසා සම්පූර්ණ නම කියමුද?


ඩබ්ලිව්. ඒ. මොරීන් හිරුෂි ඉමල්කා පෙරේරා භාවිතේ පහසුවට හිරුෂි පෙරේරා කියලා තමා කියන්නේ. හැමෝම ඒ නමින් තමා මට කතා කරන්නේ.


 

ඔබේ පවුලේ විස්තර කිව්වොත්


අම්මයි, තාත්තයි, මමයි, නංගියි. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැන් විශ්‍රාමිකව ගෙදරට වෙලා ඉන්නවා. අම්මා ගෘහනියක්.ඒවා තමා ඉතින් පවුලේ විස්තර.


 

එතකොට ඉස්කෝලේ ගියේ කොහෙද?


නුගේගොඩ අනුලා විද්‍යාලයට. මම පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩාය‌මෙත් හිටියා. විෂයයක් විදියට ඩාන්සින් කළා. කී‍්‍රඩා කටයුතුවලටත් සම්බන්ධ වුණා.


 

අධ්‍යානපනය ලබන කොට මොන වගේ කෙනෙක් වෙන්නද හිතුවේ?


ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න තමා හිතන් හිටියේ.


 

දැන් ඒ අරමුණට මොකද වුණේ?


දැනට මම ඒ සඳහා වන මූලික පසුබිම සකස් කර ගනිමින් ඉන්නවා.


 

ඒ කියන්නේ?


මම දැනට කැළණිය විශ්ව විද්‍යාලයේ ඒ සඳහා වන බාහිර උපාධියේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. උපාධිය නිම වුණාට පස්සේ මට ගුරුවරියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබේවි.


 


එතකොට රංගනයට එකතු වුණේ කොහොමද ?


මම 2020 දෙරණේ ඔන්ලයින් අවුරුදු කුමරිය තරගයේදී අවසන් වටයේ දහදෙනා අතරට තේරුණා.ඊ ට පස්සේ තමා මට රංගනයට අවස්ථාවක් ලැබුණේ. “'දෙවෙනි ඉනිම”' ටෙලි නාට්‍යයේ වෙද මාමාගේ දුව ලෙස නිමල් අයියා තමා මට ඒ චරිතය සඳහා කතා කළේ. මේ අවස්ථාවේදී නිමල් අයියා, සාරංග අයියා සහ එහි සහාය අධ්‍යක්ෂ තීක්ෂණ මෙන්ඩිස් අයියාවත් මතක් කරන්නේ.


 


ඔබ දැන් “දෙවැනි ඉනිමේ” දිගටම දකින්න නෑ නේද?


වෙද මාමාගේ දුව ලෙස තමා මම එහි රඟපෑවේ. ඔය අතරෙ මට “'ඉස්කෝලේ'” කියන දෙරණේ අලුත්ම ටෙලි නාට්‍යයේ චරිතයකට කතා කරනවා. ඉතින් එතැනින් පස්සේ මං දිගටම මේ දක්වා ඉස්කෝලේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.


 


“ඉස්කෝලේ” ටෙලි නාට්‍යයේ ඔබ රඟපාන චරිතය ගැනත් කියමු.


“'අනඟි” තමා චරිතයේ නම. මුලින්ම ලොකු ආසාවකුත් ඇති වුණා ඉස්කූල් යුනිෆෝම් එක ඇදලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා නැවත ඉස්කොලේ යන එකට. “'අනඟි” කියන්නේ දුප්පත් අහිංසක සරල චරිතයක්. දුප්පත්කමත් එක්ක පවුලේ වැඩිමල් දුව ලෙස නංගි කෙනෙක්ගේ වගකීමත් එක්ක පවුලේ බරත් දරාගෙන ජීවිතේ ගෙන යන්න හදන පාසල් ගෑනු ළමයෙකුගේ චරිතයක්. සැබෑ ජීවිතයේදී මගෙත් ඊට සමාන දේවල් ගොඩක් තියෙනවා ඒ නිසා මම ඒ චරිතයට ගොඩක් කැමති.


 


ඒ කියන්නේ හිරුෂිගේ සැබෑ ජීවිතේ සහ මේ ටෙලි නාට්‍යයේ චරිතය අතරෙයි වෙනසක් නැද්ද?


අනිවාර්යයෙන්ම බොහෝ දේවල් සමානයි.


 


මේ නාට්‍යයට අමතරව ඔබට වෙනත් නිර්මාණවලට රංගනය සඳහා කතා කරලා ති‌යෙනවද?


කිහිපයකටම කතා කළා. නමුත් පූර්ණ කාලීනව කැපවෙලා “'ඉස්කෝලේ'” ටෙලි නාට්‍යයෙහි වැඩ කරන්න ඕනේ නිසා ඒවා එකකවත් වැඩ කරන්න භාර ගත්තේ නෑ.


 


හිරුෂි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නද කැමැත්ත?


නැහැ. රංගනය හොබී එකක් (විනෝදාංශයක්) විදිහට කරන්න තමා වැඩි කැමැත්තක් තියෙන්නේ.


 

ඔබ රැකියාවකත් නිරත වුණා නේද?


ඔව්. සංචාරක ක්ෂේත්‍රයට අදාල සම්බන්ධව රැකියාවක්. කොරෝනා ආවනේ. ඊට පස්සේ ඒ රැකියාවට අවස්ථාව නැති වෙලා ගියා. ඒතැනින් පස්සේ තමා කලා කටයුතුවලට වැඩි ඉඩක් ලැබුණේ.


 

රංගනය ගැන හැදෑරීමක් කරන්න අදහසක් නැද්ද?


ඇත්තටම මම ඒ ගැනත් අවධානය යොමු කරලා තියෙන්නෙ. ඉස්සරහට රංගන පාසලකට ඇතුළත් වෙලා ඒ ගැන ඉගෙන ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා නම් ඒ ගැන හැදෑරීමක් කිරීමත් අත්‍යවශ්‍යයම වෙනවා.


 

හිරුෂිගේ වයස කියන්න කැමතිද?


ඔව්. දැන් මට වයස අවුරුදු 25 යි.


 

දැන් නම් කලවයසත් හරි නේද? විවාහ වෙන්න අදහසක් නැද්ද?


ඒ ගැනත් හිතලා තියෙන්නේ. තව අවුරුදු දෙකකින් (02) විතර මම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.


 ඒ කියන්නේ දැන් ඒකට කෙනෙක් හොයා ගෙනද ඉන්නේ?

ඔව්. දැන් එහෙම කෙනෙක් හොයාගෙන ඉන්නේ.


 එයා මොනවගේ කෙනෙක්ද කලාවට සම්බන්ධ අයෙක්ද විස්තර කියමු බලන්න?


දැන්ම එ ගැන නම් විස්තර කියන්න බෑ. පස්සේ අනිවාර්යයෙන්ම කියන්නම්.


 

අවසාන වශයෙන් හිරුෂිට මොනවද කියන්න තියන්නේ?


රංගන ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනාගෙන ඉදිරියට සාර්ථකව වැඩ කරගෙන යන්න තමා බලාපොරොත්තුව. මගේ මේ කලා කටයුතුවලට සහාය ‌වෙමින් නිතරම මගෙත් එක්ක තනි නොතනියට යන එන මගේ අම්මාවත් තාත්තා ඇතුළු පවුලේ අය සියලු දෙනාමත් මාධ්‍යයෙන් මේ අයුරින් මට සහාය වන ඔබ සැමටත් “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය සඳහා මට ස්කී‍්‍රන් ටෙස්ට් (තිර පරීක්ෂණයට) කතා කරලා අවස්ථාව ලබා දෙමින් සහාය වුණු නිමල් අයියා, සාරංග අයියා, එහි සහාය අධ්‍යක්ෂ තීක්ෂණ අයියටත් “ඉස්කෝලේ” ටෙලි නාට්‍යයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ප්‍රේක්ෂකයින්ටත් ‌මේ අවස්ථාවේදී ස්තූතියි වන්ත වෙනවා.