අර්ජුන් කපූර් සහ මලයිකාගේ පෙම් කතාව දැග හැෙරන හැටි

Tuesday, June 08, 2021 , 0 Comments




වසර ගණනාවක් පැවති අර්ජුන් කපූර් සහ මලයිකා අරෝරාගේ පෙම මේ වන නොබිදෙන තරමට ශක්තිමත් වී අවසානය. ඔවුහු කිසි විටෙකත් තමන් පෙම්වතුන් බව මාධ්‍යයෙන් නොසඟවීම විශේෂත්වයක්. තමා සිය සහකාරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන බවත් එම නිසාම සිය ජීවිතයේ සියල්ලම සීමාවක් නොමැතිව හෙළි කරන්නට අකමැති බවත් අජුන් කපූර් විදෙස් මාධ්‍යයට කියා තිබෙනවා.


අපිට අතීතයක් තියෙනවා. ඒ හින්දා ඕනෑවට වඩා විවෘත වීම තුලින් දරුවන්ට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.  ඇය අවුරුදු දොළහක් තමාට වඩා වැඩිමහලු වීම හෝ ඇයට අවුරුදු දහ නමයක පුතෙකු සිටීම ඔවුන්ගේ සම්බන්ධයට බාධාවක් වී නැහැ. නිරූපිකාවක, නිළියක, නර්තන ශිල්පිනියක වන මලයිකා අරෝරා විවාහ වී සිටියේ සල්මන් ඛාන්ගේ සොහොයුරා වන අබ්බාස් ඛාන් සමඟය.


නළුවෙකු,නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහුට මලයිකා හමුවී තිබුණේ කෝපි දැන්වීමක්  රූගත කරන අතරතුරය.  ඔවුහු 1988 දී විවාහ වූහ. 2002 වසරේදී ඔවුන්ට පුතෙකුද ලැබුණි. එහෙත් ඔවුන්ගේ විවාහයට වැඩි ආයුෂ තිබුණේ නැත. ඔවුහු 2016 දී එකිනෙකාගෙන් වෙන්වී 2017දී නිල වශයෙන් දික්කසාද වූහ.


 පුතුගේ භාරය පැවරුණේ මලයිකාටය. වරින්වර ගොස් ඔහු දකින්නට අබාට අවසර හිමිව තිබුණා. ඇය සහ අර්ජුන් අතර සම්බන්ධය ඇරඹෙන්නේත් 2016 වසරේදීමය.  බොනී කපූගේ පළමු විවාහයේ පුතෙකු වන අර්ජුන් කපූර් උපත ලද්දේ 1985 දීය. ඔහු ක්ෂේත්‍රයට එන්නට බොහෝ කලකට පෙරම සමන්ගේ හදාගත් නැගණිය අපිතා බාන්ට පෙම් කළේය. ඔහු නිතර නිතර සලීමගේ නිවසට එද්දී සිය සිතේ ඔහු ගැන හැගීමක් ඇති වූ බැව් පසු කලෙක මලයිකා සඳහන් කර තිබුණි.   කෙසේ වුවත් බොහෝ දෙනෙක් කියන්නේ ඇගේ දික්කසාදයට හේතුව අර්ජුන් බවයි.