නාඩගම්කාරයෝ රටේම ජනපි‍්‍රයයි එක සම්මානයකින් කියන්න වුවමනා නෑ - සෙනාලි ෆොන්සේකා

Tuesday, April 06, 2021 , 0 Comments





පසුගියදා නිමාව දුටු සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහා ජනප‍්‍රියත්වයට පත්වුණු සෙනාලි ෆොන්සේකාය. මේ දවස්වල සුදුචූටි ලෙසින්ද එහෙමත් නැතිනම් පාඨලී ලෙසින්ද  අප හමුවට එන ඇය ඇගේ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.

 

සුමති සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළියට හිමි සම්මානය හිමිවීම ගැන මේ වෙනකොට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?

 

 මට දැනෙන්නේම මම හරි වාසනාවන්තයි කියලා. එ් වගේම මේ විදිහට ඇගයීමට ලැබීමක් ලබන්න මේ විදිහට ජනතාවගේ ආදරයක් ලබන්නට මොකක් හෝ පිනක් මමත් කරලා තියෙනවා. ඉතිං එ්කත් එක්ක මාර සතුටක් දැනෙනවා. විශේෂයෙන් නාඩගම්කාරයෝ හරහා එ් ආදරය ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.


 

 සුදුචූටි මේ තරම් ජනපි‍්‍රය වෙයි කියලා හිතුවේ නැතිද?

 

ඇත්තටම නිර්මාණයට පටන් ගන්න කොට හිතුවේ නැහැ මේ නිර්මාණය මේ තරම් මිනිස්සු අතර ජනප‍්‍රිය වේවි කියලා. විශේෂයෙන් මගේ චරිතය වුණත් එහෙම ලොකු දෙයක් කරන්න තියෙන චරිතයක් නෙමෙයිනේ. පාඨලී ගැන මම එහෙම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ නැහැ. හැබැයි මම අනිවාර්යයෙන්ම මම දැනගෙන හිටියා නාඩගම්කාරයෝ මිනිස්සු අතරට යන නාට්‍යයක් කියලා.

 

  පිටපතේ තිබුණේ සුදුචූටි නෙමෙයි නේද?

 

 ඔව්. ඔව්. පිටපතේ තියෙන්නේ පාඨලී කියන නම. සුදුචූටි කියන්නේ ආදරයට කියන නම.


 

සරා මේ නම වැරුද්දුව කියන්නේ ඇත්තද?

 

 සරා වරද්දලා කිව්වා නෙමෙයි. නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ ශීවගුරුනාදන් මහත්මයාත්, පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා අපිට නිදහස දීලා තියෙනවා චරිත අපිට ඕන විදිහට  ගොඩනගා ගන්න. තිරපිටපතේ තියෙන දෙබස් එ් විදිහටම කියන්න ඕනෑ කියලා නීතියක් නැහැ. ඉතිං එ්කත් එකක්. සරා එහෙමත් නැතිනම් සජිත අයියාට සුදු නෝනා කියන වචනයට සුදු චූටි කියලා තමයි කියැවුණේ. අන්තිමේ කොහොම එ් නම හොඳට ගැලපිලා මිනිස්සු අතරටත් ගියා.

 

 කාලෙකින් නේද ඔබ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ ?

 

 මගේ අන්තිම දීර්ඝ ටෙලිනාට්‍ය වුණේ හාරකෝටිය. එ් මීට අවුරුදු හතරකට කලින්. එ්ක තමයි මගේ ප‍්‍රථම සහ අවසාන ටෙලිනාට්‍ය. ඊට පස්සේ මම නාඩගම්කාරයෝ හරහා තමයි එන්නේ. හාරකෝටියත් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත්තා.

 

 හාරකෝටිය නිර්මාණය කරන්නෙත් මේ තුන්දෙනාමයි. හාරකෝටියටත් වඩා ලොකු ආදරයක් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට දිනාගන්න පුළුවන් වුණා.

 

  සම්මානය අතට දීලා නැන්දා මොනවාද කිව්වේ ?

 

 නැන්දිටත් ඇත්තටම හිතා ගන්න බැරිවුණා. ඇයත් නොහිතපු දෙයක් තමයි සිද්ධවුණේ. ඇයත් මේ නිසා පුදුම වුණා. ඇයගේ ඇස්වල කඳුළු තිබුණා. ඇගේ වචනයෙන් ගොඩක් දේවල් අහනවාට වඩා ඇගේ ඇස්වලින් තමයි කියවලා තියෙන්නේ. විජයබා කොල්ලය නිර්මාණයේදීත් මම එ් දේ දැක්කා. නැවතවතාවක් මම එ් දේ සුමති සම්මාන උළෙලේදී ඇගේ කඳුළුවලින් දුටුවා. මම හිතනවා ඇයට මම ආඩම්බරයක් වෙන්න ඇති.

 

 ඔබේ සහෝදරියක් වුණ සමනලීත් හොඳම නිළියට සම්මානය දිනාගත්තා ?

 

 නිර්දේශවෙලා තියෙන අය ගේ නම් අතරේ සමනලී අක්කිගේ නම තියෙනවා දැක්කටම ඇත්තටම සතුටු වුණා. මට එ් වෙලාවේ නිකමට හිතුණා මෙහෙම දෙයක් වුණොත් මොනවා වෙයිද කියලා. එ් දේ ඇත්තමට සිද්ධවෙයිද කියන්න බැහැනේ එතනට යනකම්. අපි දෙන්නම හිටියේ එකම ටේබල් එකේ. ඉතිං මම සම්මානය ගන්න වෙලාවේ ඇය මට උපරිම සන්තෝසය ප‍්‍රකාශ කළා. එයා සම්මානය ගන්න වෙලාවෙත් පෙරළා මටත් එවැනි සතුටක් දැනුනා. ඉතිං එ්ක ඇත්තටම කියාගන්න බැහැ. ඇය දක්ෂ රංගන ශිල්පිණියක්. එ් දක්ෂකමට ඇගයීමක් ලැබීම ඇත්තටම සතුටක්.

 

 නාඩගම්කාරයෝ ජනප‍්‍රිය නාට්‍ය නොවීම ගැන දුකක් නැතිද?

 

 මම හිතන්නේ නාඩගම්කාරයෝ නාට්‍යය ජනප‍්‍රිය නිසා තමයි සරා කියන චරිතයත් සුදු චූටි කියන චරිතයත් මෙතරම් ජනප‍්‍රිය වෙන්නේ. අපි ජනප‍්‍රිය සම්මානය දිනාගන්නේ නාඩගම්කාරයෝ ජනපි‍්‍රය නිසයි. එ්කට ඇත්තටම මම දැනුවත්ව දන්න දෙයක් අපිට මේ සම්මානය ලබාදෙන්නේ නාඩගම්කාරයන්ට ආදරය කරන පේ‍්‍රක්ෂකයෝ. නාඩගම්කාරයෝ ලංකාවේම ජනප‍්‍රියයි. එ්ක විශේෂයෙන් තව සම්මානයකින් කියන්න වුවමනා නැහැ. මම හිතන්නේ සරාවයි සුදුචූටිවයි ජනපි‍්‍රය නළුවයි නිළියයි කරපු එකෙන්ම එ් දේ ඔප්පු වුණා.

 

  සුදුචූටි සරාව බඳිනවා නේද?

 

 එ්ක ඇත්තටම දැන්ම කියන්න බැහැනේ. කතාන්දරය කියන්නේ නැතිව පේ‍්‍රක්ෂකයෝ නාඩගම්කාරයෝ බලාගෙන හිටියම ඇත්තටම සරාටයි සුදු චූටිටයි මොනවාද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් වේවි. අනික එ්ක දැන්ම කිව්වොත් අගයකුත් නැති වෙනවානේ.

 

 

 

 දිනේෂ් විතාන