මොන තරම් චරිත කළත් මිනිසුන්ට මාව මතක පෙම්වතා විධියටමයි -රොෂාන් රණවන

Tuesday, April 06, 2021 , 0 Comments

 




ඔහු යුගයක් නිර්මාණය කළ රංගන ශිල්පියෙකි. රිදී තිරයේ පූජා - රොෂාන් ස්වර්ණමය යුගයේ උත්කර්ෂය මේ වන විටත් බිඳුවකුදු අඩු නැත. එසේ සිනාව උඩු යටිකුරු කළ රොෂාන් රණවන ඔහුගේ මේ දවස් වල තොරතුරු ගැන පුවත්පතකට මෙලෙපස කියා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

අවුරුදු ළං වෙන නිසා අවුරුදු වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුණා. අලුතින් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. එය විකාශය වීමට නියමිතයි. 'නිමි' කියලා චිත්‍රපටයක රූගත කිරීම් ගිය මාසේ ඉවර කළා. එයත් නුදුරේදී තිරගත වීමට නියමිතයි. 


එම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ දිර්ඝ කාලෙකට පසුව නේද?

ඔව්. අවුරුදු දෙකකට පසුවයි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඉත්තෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ 'නීල පබළු' ටෙලි නාට්‍යයේ කෙටි කාලයක් රඟපෑවා. ඒ අතර කාලය තුළ මං ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ.


ටෙලි නාට්‍යවලින් අරූන්වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

නැහැ... මං ඒ කාලේ සිටම ටෙලි නාට්‍යවල රඟපෑවේ ඉතාමත් සීමිතව. චිත්‍රපටවලයි වැඩියෙන්ම රඟපෑවේ. ඒත් දැන් චිත්‍රපටවලට වඩා ටෙලිනාට්‍යවල අපගේ රංගන පරාසය පෙන්වන්න පුළුවන්. ගොඩක් සිනමාශාලා වහලා. චිත්‍රපට නිර්මාණය වෙන්නෙත් ඉතාමත් සීමිතව. ඒ නිසා දක්ෂ අධ්‍යක්ෂවරුන් යටතේ ටෙලි නාට්‍යවලට සම්බන්ධවීම වර්තමානයේ කාලෝචිතයි. ඒ නිසා ඉදිරියේදී හොඳ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.


මේ වෙනකොට රගපාපු චිත්‍රපට පහක පමණ මේ පවතින තත්ත්වය නිසා තිරගතවීමත් දිනෙන් දින ප්‍රමාද වෙනවා. ටෙලි නාට්‍යවලට අනුවර්තනය වීම මිනිසුන්ට මතක සිටින චරිතයක් වීමට වගේම ආර්ථික වශයෙනුත් ප්‍රතිඵලදායකයි.


රොෂාන් රණවන පෙම්වතාගේ චරිතයට කොටුවෙලා කිව්වොත් ඒ මතය පිළිගන්නවාද?

කොහෙත්ම නැහැ.  ගෝරි චිත්‍රපටයේ මං රඟපෑවේ දුෂ්ටයාගේ චරිතයට. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ හාස්‍ය උපදවන චරිතයකට පණ පෙවා. තවත් චිත්‍රපට 5ක් පමණ තිරගතවීමට නියමිතයි. ඒ චරිතයන් තුළින් මේ මතය වෙනස් වෙයි.  විවිධ චරිතවලට පණපෙව්වත් මාව මිනිසුන් අතරට ගියේ පෙම්වතාගේ චරිතයෙන්. මට තියෙන ලොකුම ප්‍රශ්නය මං කරපු චරිතාංග රංගනයන් පිළිබඳව මිනිසුන්ගේ අවබෝධයක් නැති එක. ඒ චිත්‍රපට බොහෝ විට මිනිසුන් අතරට ගිහින් නැතිව ඇති, නැත්නම් පෙම්වතාගේ චරිතය හැරුණු කොට මාව වෙනත් ස්වරූපයකින් දකින්න මිනිසුන් අකැමැති ඇති.


රොෂාන් රණවන කියන්නේ යුගයක් බිහිකළ කෙනෙක්. නව පරපුර තුළත් එවන් ලක්‍ෂණ ඇති නවකයන්ට ඔබ දකිනවාද?

හේමාල් රණසිංහ තුළ මං ඒ ලක්‍ෂණ දකිනවා. හේමාල් වාසනාවන්තයි. ඔහුගේ දක්ෂතා පෙන්විය හැකි චිත්‍රපට බොහෝමයක් ඔහුට ලැබුණා. වර්තමානයේ දක්ෂ රංගන ශිල්පීන් බොහෝමයක් සිටිනවා. නමුත් ඔවුන්ට හොඳ ප්‍රචාරණයක් ලබාදෙන චිත්‍රපටවල රඟපාන්න අවස්ථාවක් උදාවෙලා නැහැ. චිත්‍රපට නිර්මාණය කළත් එමට චිත්‍රපට ප්‍රචාරයට මුදලක් වියදම් කරන්නෙ නැහැ. ඒ නිසා බොහොමයක් රංගන ශිල්පීන් වන්ම ශිල්පිනියන් මිනිසුන් අතරට ගිහින් නැහැ.


ළඟදී අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?

'නෙලුම් පොකුණ ළඟ' ගීතය මේ වසරේ නිකුත් කළා. ඒ ගීතය මං කළේ අවුරුදු 11කට පසුවයි. එය නිලාර් එම්. කාසිගේ පද රචනයක්. ගොඩක් මධ්‍ය නාළිකාවට එම ගීතය ලබාදුන්නේ නැහැ. නමුත් යූ ටියුබ් එකේ එය ප්‍රසිද්ධයි.


පවුලේ විස්තර කොහොමද?

පුංචි පුතා දැන් ලොකුයි. එයාට අවුරුද්දයි මාස 6ක් වෙනවා. මේ ගෙවෙන්නේ දරුවාගේ දඟ වගේම සුරතල් කාලය. ඒ නිසා කාලෙ ගෙවෙනවා තේරෙන්නේ නැහැ. දරුවගෙ වැඩ, ගෙදර වැඩ මායි, වයිෆුයි, නැන්දමයි බෙදාගෙන සිදු කරනවා. 


 බොහෝමයක් සන්නාම නාම ප්‍රචාරණයට ඔබේ පවුලේ සියලු දෙනා යොදා ගන්නවා. ඒ ගැනත් කිව්වොත්?

බේබි ෂෙරමි, සෙලින්කෝ ලයිෆ්, ෆේෂියා වගේ සන්නාම නාමවලට පෙනී සිටින්න අපේ මුළු පවුලටම වාසනාව ලැබුණා. වසරක් තුළ ඒ ඒ ආයතනවල පවතින වැඩසටහන්වලට අප පෙනී සිටිනවා.