ටයිගර් ෂ්රොෆ්ට අනතුරුක්

Wednesday, March 10, 2021 , 0 Comments



ටයිගර් ෂ්රොෆ් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කරන්නෙක්. මෑතකදී ඔහු අර්ජුන් කපූර්, අහාන් ෂෙට්ටි, ශාසනක් කයිතාන්, ෂුජිත් ශිර්කාර් ආදී බොලිවුඩ් නළුවන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී තුවාල ලැබීය. ඔහු වහාම ගිලන් ඇඳකට ගන්නා ලද අතර සිය පෙම්වතා ක්‍රිඩා කරනු නැරඹීම සඳහා පැමිණ සිටි දිශා පටානි ද වහාම එතැනට පැමිණියාය.  ක්‍රිඩා  වෛද්‍යවරයා විසින් මූලික ප්‍රතිකාර කරනු ලැබූ අතර මඳ වේලාවකට පසුව ඔවුහු එතැනින් පිට වී ගියහ. ඔහුට සිදු වී තිබුණේ සුළු අනතුරක් පමණක් බැව් වෛද්‍යවරයා කීවේය. 


“ටයිගර් කොතන ද, දිශා එතන..” සමහරු එලෙසින් සරදම් ද කළේ ඔවුන් බොහෝ තැන්වල එකටම ගැවසෙන නිසාය. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් තමන් පෙම්වතුන් බැව් ප්‍රසිද්ධියේ පිළි ගෙන නැත. මේ මෑතකදී ටයිගර් ප්‍රකාශ කර තිබුණේ තමාගේ ප්‍රථම ප්‍රේමය රංගනය බවය. ඔහු ක්‍රියාදාම චිත්‍රපටිවල රඟපාන්නට වැඩි කැමැත්තක් දක්වන්නේය. කායවර්ධන ව්‍යායාම මෙන්ම ආත්මාරක්ෂක සටන් ක්‍රම ද ඔහු හදාරනේය. 


ප්‍රවීන නළු ජැකී ෂ්රොෆ් ගේ සහ චිත්‍රපටි නිෂ්පාදිකා අයේෂා දත් ගේ පුතු වන ඔහු මුලින්ම සිනමාවට පිවිසියේ හීරෝපාන්ති චිත්‍රපටියේ රඟ පාමිනි. එහි රංගනය වෙනුවෙන් හොඳම නවක නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ද ඔහු දිනා ගත්තේය. ගනපත්, හීරෝපාන්ති 2, භාගි 4 සහ රම්බෝ චිත්‍රපටිවල ඉදිරියේදී ඔහු දකින්නට හැකි වෙනවා ඇත. දිශා රඟ පාන්නේ රාධේ යුවර් මෝස්ට් වෝන්ටඩ් භායි සහ ඒක් විලන් රිටන්ස් චිත්‍රපටිවලය.