බොලිවුඩ් නළු රජීව් කපූර් මිය යයි

Wednesday, February 10, 2021 , 0 Comments




බොලිවුඩයේ ජනකාන්ත කපූර් නළු නිළි පවුලේ සාමාජිකයකු වන නළු රජීව් කපූර් ඊයේ (9) අභාවප්‍රාප්ත වී ඇත.  චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු වන රජීව් කපූර් ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැලකෙන රාජ් කපූර්ගේ බාල පුතුණුවන් ද වේ. ඔහු රන්දීර් කපූර් සහ රිෂි කපුගේ සොහොයුරා ද වනවා. රජීව් කපූර් මිය යනවිට 58 වන වියේ පසුවිය.


හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති රජීව් කපූර් ඉන්ලක්ස් රෝහලේදී මරණයට පත්ව ඇත. රජීව් කපූර් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූයේ 1983 වසරේදීය. “එක් ජාන් හයින් හම්” ඔහුගේ මුල්ම චිත්‍රපටය වනවා. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ 1985 වසරේ තිරගත වූ “රාම් තේරි ගංගා මයිලි" චිත්‍රපටයෙනි.