ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට - සියයකට අධික පිරිසක් තුවාල ලබයි
ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇත.
ඉන්දුනීසියා වේලාවෙන් අද අලුයම එකට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම දෙකක් ලෙස වාර්තා වේ.
මෙම භූකම්පනය හේතුවෙන් නිවාස ඇතුළු දේපොල රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා මේ වන විටත් යොමුකර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.