ඉන්දියාවේ රෝහලක ගින්නක් - කුඩා බිළිඳුන් 10 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ රෝහලක කුඩා බිළිඳුන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් වාට්ටුවක් තුළ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් කුඩා බිළිඳුන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් බිළිඳුන් 7 දෙනෙකු බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් වී ඇත.
මෙතරම් විනාශයක් විමට මුලික හේතුව අලුයම 2 ට පමණ මෙම ගින්න හට ගැනීම බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
කෙසේවෙතත් ගින්න හට ගැනීමට ප්‍රධාන හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උපදෙස් ලබා දී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.