හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු සිව් දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග

Tuesday, January 19, 2021 0 Comments

 


හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු සිව් දෙනෙකුට රුපියල් 25,000 බැගින් වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කර ඇත.

එසේ නියෝග කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා සේවය අතහැර ගියා සේ සලකා ඔහු සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමගයි.

ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර හිටපු අධ්‍යක්ෂ කමල් සිල්වා, එම කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරී ඩී කේ සී සියඹලාපිටිය සහ එම කාර්යංශයේ හිටපු ස්ථානාධිපති සී ලූඩොවයික් යන අය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව සඳහන් කරමින් රුපියල් 25,000 බැගින් වන්දි මුදලක් සහ පෙත්සම්කරුගේ රුපියල් 50,000 නඩු ගාස්තු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. 

මීට අමතරව 2017 වසරේ මාර්තු මස 17වනදා සිට කි‍්‍රයාත්මකවන පරිදි පෙත්සම්කරුගේ හිග වැටුප්, වැටුප් වර්ධක සහ සියලු දීමනා නැවත ලබා දිය යුතු බවත් ඔහුව යලි සේවයේ පිහිටුවීමට පියවර ගත යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබේ.