හදිසි ගින්නක් හේතුවෙන් වොෂින්ටන් අගනුවර ආසන්න ප්‍රදේශය වසා දමයි



වොෂින්ටන් අගනුවරට හදිසි ගින්නක් ඇතිවී තිබේ. බොහෝ පිරිසක් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බව අනුමාන කරයි. කෙසේවෙතත් මේ වන විට එම ගින්න සම්පූර්ණයෙන් නිවා දමා තිබේ.

ඇමෙරිකානු ඡන්දයෙන් තේරීපත් වූ නව ජනාධිපති ජෝ බයිඩ්න් එරට 46 වන ජනාධිපතිවරයා ලෙස හෙට දිනයේ වොෂින්ටනයේදී දිවුරුම්දීමට නියමිතව ඇති බැවින් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයට මේ වන විට දැඩි රැකවල් දමා තිබේ.

ට්‍රම්ප් හිතවාදී කණ්ඩායම් හෙට දිනයේදී අවි ගැටුමකට පවා යොමු විය හැකි බව එෆ්බී අයි ආයතනය වාර්තා කර තිබියදී හදිසියේ හටගත් මෙම ගින්න පිළිබඳවද විමර්ශනයන් සිදු කෙරේ. 


Previous Post Next Post