ඇමති ජෝන්ගේ සමාජ ජාල ඡායාරූප ගැන සීඅයිඩී පරීක්ෂණයට මොකද වුනේ?

Thursday, August 27, 2020 0 Comments

හිටපු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය 78 හැවිරිදි ජෝන් අමරතුංග සමග තරුණ කාන්තාවක පෙනී සිටින ඡායාරූප දෙකක් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ෆේස්බුක් තුළ සංසරණය විය.
මෙම ඡායාරූප සමග පැතිරුණ කථාව වූයේ ඔහු අනියම් ඇසුරක් පවත්වන කාන්තාවක සමග

මෙම ඡායාරූප ලබාගෙන ඇති බවකි.
එක් ඡායාරූපයකින් දැක්වුනේ සෙල්ෆියකි.එහි කාන්තාව ඡායාරූපය ලබාගන්නා අතර ඇය වම් අතින් පිරිමියාගේ අතක් අල්ලා සිටින අයුරු දැක්වේ.
දෙවැනි ඡායාරූපය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගණයේ එකකි. එහි ලිංගික සබඳතා ඉරියව්වක් දැක්වෙන අතර පිරිමියා දිගාවී කාන්තාව පිරිමියා මත වාඩිවී සිටින සෙයක් දැක්වේ.
මෙම ඡායාරූප දෙකම ෆොටෝෂොප් ඇසුරින් සකස්කළ ඒවා බව හඳුනාගන්නට ලැබේ. මෙම ඡායාරූප දෙකෙහිම බ්‍රයිට්නස් අගය වැඩි කළ විට එක එකෙහි ඡායාරූප දෙකක එකතුවක් ඇති බව පහසුවෙන් හඳුනාගන්නට ලැබෙන බවට විශේෂඥයින් මත පළ කරන ලදි.

ඒ දිනවල නිකුත්වූ මියුසික් වීඩියෝවකටද මෙම ඡායාරූප ඇතුළත් විම සුවිශේෂ සංසිද්ධියක්  විය.
මීට ටික කාලයකට ඉහත ඇමතිවරයා සම්බන්ධ කර උත්තේජක ඖෂධයක් සම්බන්ධ කටකතාවක්ද පැතිරුණ අතර ඔහු අධිමාත්‍රාවකට ප්‍රතිකාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකට ගිය කතාවක්ද පාර්ලිමේන්තුවේ විහිළු වලට මාතෘකාවක් විය.
මෙම ඡායාරූපය සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන බවට ඒ දිනවල ප්‍රචාරය වුවද මේ වනතුරු එම පරීක්ෂණය යටපත්වී ඇත.