2019 විසර්ජන පනතින් ජනපතිට වියදම් නොදෙන්න තීරණයක්


ලබන මාර්තු 05 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 විසර්ජන පනත් කෙටුම්පත දෙවන
වර කියවීමේ විවාදයේදි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් වෙන් වන වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබ්ර් රහුමාන් පවසයි.

අද (02) සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේය.

ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය කිරීම, ආණ්ඩුවේ කාර්යයන් සඳහා බාධා කිරීම ආදි හේතුන් නිසා එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම මෙම තීරණය ගත් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
Previous Post Next Post