Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට


පොලීසියට අපහාස වන අයුරින් ෆේස්බුක් සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ තරුණයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වන නාරංඕවිට පොරවගම ප්‍රදේශයේදීය.
 තරාණයාගේ වයස අවුරුදු 22ක් බව සඳහන් වෙයි.
ඔහු ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස වන ලෙස වදන් හා වැකි පළකර ඇතැයි පොලීසිය සඳහන් කළේය. තම පොලිස් ස්තානයට ෆේස් බුක් ඔස්සේ නිරන්තරයෙන් අපහාස කරමින් ඒ පෝස්ටු පොලිසියට සම්බන්ධ අය වෙත ෂොයාර් කරමින් සිටි මෙම පුද්ගලයා කවුදැයි අයීපී ලිපින ඔස්සේ සොයාගෙන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලෙස පෙනී සිටිම මෙන්ම රජයේ ආයතන නිග්‍රහයට ලක් කිරීමේ චෝදනා යටතේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය දන්වා තිබේ.

Previous Post Next Post