ඉසුරුපාය ඉස්සරහා කලබල කළ ටිචර්ලාට පොලිසියෙන් ජල ප්‍රහාර


අද 28 උදෑසන අධ්‍යාපන අමාත්‍යශය පිහිටි බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ගුරුවරුන්ගේ
විරෝධතාවයක් පැවති අතර එම අවස්තාවේ පිරිස ඇති කරන ලද කලබලය නිසා පොලිසියට මැදිහත්වීමට සිදුවේ.
පිරිස විසුරුවාහැරීම පහසු නොවූයෙන් ගුරුවරුන්ට ජල ප්‍රහාර දියත්කිරීමට සිදුවූ බව පොලිසිය දන්වා තිබේ,
මෙම විරෝධතාව නිසා බත්තරමුල්ල අවට අද දහවල් විශාල මාර්ග තදබදයක්ද හට ගැනුණි.

ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22ක කාලයක සිට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ මාස 30ක හිඟ වැටුප් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල්කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය මෙය සංවිධානය කර තිබිණි.



Previous Post Next Post