ජනමාධ්‍ය විෂය මංගලගෙන් ඉවත් කර ජනපති ගනී - රුවන්ට කැබිනට් නොවන ඇමතිකම


 මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ජනපති
මෛත්‍රිපාල සිරිසේන යටතට

පවරාගෙන තිබේ. ජනමධ්‍ය  කැබිනට් ඇමති ධූරය ජනපති සන්තකයේ තබාගෙන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ.
ඒ අනුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සිකුරාදා සන්ධ්‍යා කාලයේ දිවුරුම් දෙන ලදී.
එසේම ඉතිරිවූ මුදල් අමාත්‍ය ධූරයේ පමණක් මංගල සමරවීර මහතා යළි දිවුරුම් දීඇති බවද වාර්තාවේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග දන්වා තිබීමද විශේෂත්වයකි.
Previous Post Next Post