නංගි අපි ෆිලුමක් බලමු කියා කැකිරාව සිනමා ශාලාවේදී දැරියකට ලිංගික අපයෝජනයක්

බාල වයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 18 හැවිරිදි තරුණයකු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.  අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ
පාර්ශ්වයන් කැකිරාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒ සම්බන්ධව විමර්ශන අරඹා තිබිණි. විමර්ශනයට අනුව සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ
සේනපුර අලුවිහාරේගම ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. සැකකාර තරුණයා බාල වයස්කාර දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් මින් මාස කිහිපයකට ඉහතදී බාල වයස්කාර දැරී කැකිරාව නගරය පිහිටි සිනමා ශාලාවකට රැගෙන ගොස් එහිදී ඇය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කියයි. සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට  යෑමේදී සැකකාර තරුණයාගේ මවගෙන් පොලිසියට බාධා එල්ලව ඇත.

සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට  ගැනීමෙන් පසු තරුණයාගේ මව පොලිසිය තමන්ට පහරදුන් බව පවසමින් සේනපුර රෝහලට ඇතුළත්ව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර තරුණයා 18 වැනිදා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිර්මට නියමිතව තිබිණි.

-ප්‍රසංග ඒකනායක-

Previous Post Next Post