මදුෂ්ගේ කෝටි 700 මංකොල්ලයට සම්බන්ධ වෙඩිකන්දේ කසුන් අත්අඩංගුවට


පසුගිය වසරේ නොවැම්බර් මස 05වනදා පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවෙසකදී මාකඳුරේ මදුෂ්ගේ මෙහෙයවීම
මත රුපියල් කෝටි 700ක්
පමණ වටිනා මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
කිරිබත්ගොඩ වෙඩිකන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ිතබෙන සැකකරු කිරයාදුරගේ කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් නමැති පාතාල සාමාජිකයෙකු බවපොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය දන්වයි.
මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කෙරුණු වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
Previous Post Next Post