රෝහිත රාජපක්ෂ - ටට්යානා මංගල්‍යයේ පල්ලියේ චාරිත්‍ර

රෝහිත රාජපක්ෂ - ටට්යානා  මංගල්‍යයේ පල්ලියේ චාරිත්‍ර
පසුගිය සතියේ තංගල්ලේදී සිංහල ක්‍රමයට විවාහ චාරිත්‍ර පැවැත්වූ විපක්ෂ නායක පුත් රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවයේ පල්ලියේ චාරිත්‍ර අද (28) බම්බලපිටියේදී පැවැත්වුණි. බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ පැවති කතෝලික විවාහ චාරිත්‍ර සඳහා පවුල් දෙකේ සමීපතමයින් පමණක් සහභාගී වී තිබුණි.
මනාලිය ටට්යානා කතෝලික ආගම අදහන්නියක වන අතර රෝහිතගේ මව ශිරන්ති රාජපක්ෂ මැතිණියද එම ආගමට අයත්ය.මනාලිය කතෝලික ආගම අදහන්නියකවන අවස්ථාවල සාමාන්‍යයෙන් පල්ලියේ චාරිත්‍ර පවත්වා පසුව සිංහල චාරිත්‍ර පවත්වන නමුත් මෙහිදී එය මාරුකර සිදු කර තිබේ.
https://gallery.gossiplankanews.com/wedding/rohitha-rajapaksa-church-wedding.html

Previous Post Next Post