උඩ පනින වීඩියෝවක් නිසා ජපන් භික්ෂුවක දඩ කාලා

ජපානයේ බෞද්ධ හිමි නමක් ස්කිපින්ග් රොප් එකකින් පනිමින් සිටින දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම නිසා පොලිසිය මගින් දඩ ගැසූ පුවතක් වාර්තාවේ.ජපන් සමාජ මාධ්‍ය තුළ සිඝ්‍රයෙන් පැතිර ගිය මෙම වීඩියෝවෙන්
පසු පොලිසිය පරීක්ෂණ පවත්වා තිබුණි.
මීට ටික දිනකට පෙර ජපන් භික්ෂුවක සාම්ප්‍රදායික ජපන් ඇඳුමක් සිරවෙන ලෙස හැඳගෙන මෝටර් රථයක් පැදවීමට යාමෙන් පසු පොලිසියට හසුවීමෙන් ආන්දෝලනයක් මතුව තිබූ අතර එම සිද්ධිය ගැන විවේචන පළ කළ මේ කියන භික්ෂුව පනිමින් සිටින වීඩියෝව අන්තර්ජාලය මුදාහැර තිබේ.
එරට මුදලින් යෙන් 6,000 ක් වූ දඩයක් ගෙවීමට පොලිසිය නියම කර තිබුනත් එම දඩය ගෙවීම භික්ෂූන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවී තිබේ.
Previous Post Next Post