උත්තර දේවි දුම්රියෙන් යාපනයේ ළමුන්ට තෑගි


නව උත්තර දේවි දුම්රි‍යේ මංගල සංචාරය සනිටුහන් කරමින් යාපනයේ දිස්ත්‍රික් පාසල් ළමුනට ත්‍යාග ‍බෙදා
දීමක් සිදුවිය.
ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි. යාපනය දුම්රිය ස්ථානයේදී නව උත්තර දේවී දුම්රිය පිළිගනිමින් ඊයේ පස්වරුවේ (27) පැවැති සර්ව ආගමික වැඩසටහනින් පසුව එම ත්‍යාග බෙදා දීම සිදු කෙරිණ. ප්‍රවාහන සහ සිවිල් ගුවන්‍සේවා අමාත්‍ය කාර්ලයෙහි පූර්ණ මෙහෙයවීමෙන් පැවැති එම සමාජ සත්කාරයට බොහෝ පිරිස් දායක වූහ. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ත්‍යාග හිමි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා ගැනිණ. එම පාසල් සිසුන්ට ත්‍යාග බෙදා දීමෙන් පසුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ ඉදියේදී උතුර - දකුණ සහජීවනය ඇති කිරීමට රජය නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙමින් සිටින බවයි.

Previous Post Next Post