සාපෙළ ඇගයීම වෙනුවෙන් අනිද්දා සිට පාසල් 4 ක් වැසේ


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් 
අනිද්දා (08) සිට 17 වැනිදා දක්වා
වසා තැබෙන බව
විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙලෙස වසා තැබෙන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල්ය.
ඇගයීම් කටයුතු සඳහා තවත් පාසල් 21ක් යොදා ගැණුනත් එම පාසල්වල කොටසක් පමණක් ඒ සඳහා යොදා ගන්නා බැවින් එම පාසල් වසා දැමීමක් සිදු නොවේ.
Previous Post Next Post