හෙරොයින් කිලෝ 3 ක් සමග අඹුසැමි යුවලක් කිරිබත්ගොඩදී අත්අඩංගුවට


අද (30 ) සවස ත්‍රස්ත විමර්ශන දිසාවේ (TID) නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මුලින්ම කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඊරිසවැටිය පාර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 100 ක්
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර

ඉන් අනතුරුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුල තිබී තවත් හෙරොයින් කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සහිත පාර්සල් 03 ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු. 34 ක් හා සැකකාරිය 36 ක් වන අඹුසැමි යුවලක් වේ.
අත්අඩංගුවට ගන්නාලද හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 36 කට අධික වේ. ත්‍රස්ත විමර්ශන දිසාව මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වල ඡායාරූපයක්ද මේ සමඟ පළවේ.

Previous Post Next Post