පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර පැවැත්වීමට ජනපතිගෙන් යෝජනාවක්


පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා
විසින් ඊයේ (29දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම්
කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් කීවේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප‍්‍රකාශකයා කීවේය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

-කුෂාන් සුබසිංහ-
Previous Post Next Post