පිළියන්දලදී එක්ලක්ෂ දොලොස්දාහක් සොරකම් කළ කාන්තා කල්ලිය CCTV

https://www.gossiplankanews.com/2018/12/cctv-piliyandala-shop-robbery.html#more
සිය අත්බෑගයේ තිබූ රුපියල් එක්ලක්ෂ දොලොස්දහසක මුදල කාන්තා සොර කල්ලියක විසින් පැහැරගත් බවට පිළියන්දල ප්‍රදේශයේ මවක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. ඇය මෙම මුදල් බැංකුවෙන් රැගෙන එන බවට ඔත්තු බැලූ කාන්තා සොර කල්ලියක් ඇයගේ පසුපස ලුහුබැඳ ඇවිත් ඇය ඇතුළුවූ වෙළෙඳ සලක කැෂියර් අසළ තෙරපෙමින් කුඩයකට මුවාකර අත යොමු කර බෑගය ඇර
මෙම මුදල් පැහැරගන්නා ආකාරය එම වෙළෙඳසැලේ සීසීටීවී දර්ශන මගින්

හෙළිදරව්වී ඇත.
ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මකවූ මෙම සොර කල්ලියට කාන්තාවන් හතර දෙනෙකු හා දැරියකද ඇතුළත්ව සිටී. ඔවුන් වෙළෙඳසැලේ කලබලකාරීත්වය මැද හිතාමතාම ඇය වටකරගෙන මෙම කොල්ලය සිදු කරන්නේ ඒ පිළිබඳ හොඳ පළපුරුද්දක් ඇති අය පරිදිය.
පිළියන්දල නිහාල් ස්ටෝර්ස් තොග වෙළෙඳසැලේදී මෙම කොල්ලය සිදුව ඇත.
මෙම සැකකාරියන් ගැන තොරතුරු ඇතොත් දන්වන්නැයි සිද්ධියට මුහුණ පෑ මාකන්දන ටීඑම්අයි ප්‍රනාන්දු මහත්මිය (0710756836) ඉල්ලා සිටී.
සීසීටීවී දර්ශන පහතින්

Previous Post Next Post