Breaking News

සභාපතිවරු දෙදෙනෙක් රූපවාහිනිය ගුවන්විදුලිය මගේ යයි ජනපති කීම නිසා තවත් අර්බුදයක්

ඊයේ රාජකාරි ආරම්භ කළ මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ජාතික රුපවාහිනියේ නව සභාපති ලෙස ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මියද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාත් ඔක්තෝබර් 26ට පෙර පැවති ලෙසම සභාපතිවරුන් ලෙස යලි නම් කළේය.

නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය පෙරළියෙන් පසු එජාප ප්‍රචාරණය වෙනුවට මහින්ද රාජපක්ෂත් තමාත් ප්‍රචාරණය පිණිස රාජ්‍ය මාධ්‍ය යොදාගැනීමට අපේක්සා කරන නිසා දින 50 කාලයේ සභාපතිවරුන් නැවත පිහිටුවීමට උනන්දුවී ඇතැයි දැනගන්නට ලැබේ.
ජනමාධ්‍ය විෂයට අදාළ සංස්ථා තවම
ගැසට් කර නැති අතර සඳුදා නිකුත් කරන්නට නියමිත ගැසට්ටුවේදී රූපවාහිනිය හා ගුවන් විදුලිය තමන් භාරයට ගන්නට ජනපති කටයුතු කරන්නට යන බව වාර්තාවේ.
දින 50 රජයේ රූපවාහිනියේ සභාපති ධුරය දරන නීතිඥ සරත් කෝන්ගහගේ මහතාට හා ගුවන්විදුලියේ සභාපති වශයෙන් කටයුතු කළ සෝමරත්න දිසානායක මහතාට එම ධුර වලින් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයිද වාර්තාවේ.
මංගලගෙ/් දැනුම් දීම මත ඉනෝකා සත්‍යංගනී මහත්මිය අද (21) දිනයේ රූපවාහිනියේ වැඩ බාර ගැනීමට නියමිතව තිබියදී  ඊයෙ කෝන්ගහගේ මහතා සේවකයින් අමතා ආයතනයෙන් ඉවත්ව ගොස් තිබූ නමුත් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තනතුරින් ඉවත් නොවන ලෙස දැනුම් දුන් බවද වාර්තා විය.
19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.