Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


අගමැතිවරයා නම් කර යවන ලද අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුවෙන් ජනාධිපතිවරයා විසින් තම නම ඉවත්
කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් චෝදනා කරමින් ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරමින් සිටින
බව වාර්තාවේ.
මේ බව ෆොන්සේකා මහතාගේ ලේකම් කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා මහතා මාධ්‍ය වෙත දන්වා ඇත.
අගමැති රනිල් විසින් ෆොන්සේකා මහතා දරමින් සිටි අමාත්‍ය ධූරය ඔහුට යලිදු ලබාදෙන බව පොරොන්දු වී 19 වනදා සවස ජනාධිපතිවරයා වෙත යවන ලද නම් ලැයිස්තුවේ එම නම තිබූ බවත් ජනපති නම් 6 ක් කපා දමද්දී සරත් ෆොන්සේකා මහතාගේ නමද ඊට ඇතුලත්ව තිබූ බවත් ඔහු පවසා ඇත.
මෙය පුද්ගලික විරසකයක් මත හිතාමතා කළ අසාධාරණයක් බවට ඔවුන් තර්ක කර තිබේ.
අවසන් සතියේ වැඩ බලමින් 2009 මැයි මස යුද්ධය අවසන් කෙළේ තමා යැයි ජනපති කළ ප්‍රකාශයකට එරෙහිව සරත් ෆොන්සේකා ජනපති විවේචනය කිරීම හා මෛත්‍රී ජනපතිට මේවනවිට හිතවත්ව සිටින හිටපු අගැති මහින්දට ෆොන්සේකා සමග පවතින අමනාපය මෙම තීන්දුව කෙරෙහි බලපෑම් කරන්නට ඇති බවට ආරංචි පැතිර තිබුණි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement